ප්‍රශ්න තොරතුරු

මට මෙන්සස් වෙන්නෙ නෑ. අවුරුද්දකට දෙපාරක් වගේ වෙන්නෙ. එත් මේ අවුරුද්දෙ මාසයක් ඇර මාසයක් උනා. එත් ගිය මාසෙ මගෙ යෝනිය ඉදිමිලා කසන්න ගත්තා. ඇවිදගන්නවත් බැරිතරම්ම. දවස් දෙකක් ගියාම මෙන්සස් උනා එතකොට ඉදිමිලා තිබුන එක හරි ගියා. දැන් මේ මාසෙත් එහෙමයි ඉදිමිලා කසනවා  රතු වෙලා එතන දනවත් එක්ක ඇයි එහෙම වෙන්නෙ?? මෙන්සස් උනාම එක හරියනවා. මම ඉන්ටනෙට් එකේ සුද යාම කියලා එකක් දැක්කා ඒ මොකක්ද එකේ තිබුන සමහර ඒව මටත් තියනවා. කසන එක එහෙම. අනික මෙහෙම උනාම කහ පාටට හුරු සැරව වගෙත් තියනවා. මම දන්නේ නෑ ඒ මොනවාද කියලා. මේක සුද යාමද

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබගේ රෝග ලක්ෂණ අනුව ඇතිවි ඇත්තේ සාමාන්‍ය තත්ත්වයක් නොවන  බව  උපකල්පනය  කල හැක .මෙය  බොහෝදුරට   Bacterial  Vaginosis  තත්ත්වයවීමට   ඉඩ   ඇත . නැති නම්  දිලීර ආසාදනයක්හෝ  ලිංගික  සම්පප්‍රේශ ණය වන රෝගය ක් නිසා   සිදු විය   හැක . සාමාන්‍ය   ඔසප් වීමක්  සමග ph අගය වෙනස් වී   යම්  කැසීම ක්  ඇති  විම  සිදු විය  හැක .නමුත් යෝනි  මාර්ගය   ඉදිමීම  හා  තුවාල වීම  මෙන්ම  සැරව යාම  පෙන්වන්නෙ යම්   ක්ෂුද්‍ජීවි ආසාදනයක්    ඇති බවයි . 

ඔබ කළ යුත්තේ වහාම වෛද්‍යවරයකු  හමුවී   පරීක්ෂා   කර  ගැනීම ය ..   

මෙවැනි රෝග වලක්වා ගැනීමට  නිතර සනීපාරක්ෂක තුවා  මාරු  කිරීම ,  ඉදිරිපස  සිට පසුපසට පමණක්  පිසදැමිම   වැනි  ක්‍රම ප්‍රයෝජනවත් ය .  ඔබගේ රෝගය  සාමාන්‍ය   සුද යාමක් නොවීමට බොහෝවිට   ඉඩ    ඇත .  එමෙන්ම මාසික  ඔසප් වීම    අක්‍රමවත්   වීම  හා   මෙය    අතර   සෘජු  සම්බන්ධයක්   නැති බව   කිව   හැක .  නමුත්   මෙය  ක්‍රමවත්   කර  ගැනීමට   වෛද්‍ය   ප්‍රතිකාර  ලබා  ගත  හැක .  



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Aug 2019 Thu 8:39 PM