< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

සුදු වෙන්න ගන්න හොදම ටැබ්ලට් එක මොකක්ද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සුදු වෙන්න කෘතීම ක්‍රීම් වර්ග, පෙති වර්ග,එන්නත් වර්ග, ශල්‍යකර්ම ආදිය සිදු කිරීම බහුල වශයෙන් දක්නට ලැබේ. නමුත් ඒවගේ අතුරු ආබාධ බහුලයි. පිලිකා වර්ග, ඇතැම් විට මරණය පවා සිදු විය හැකිය. 

එනිසා මුහුණේ පෙනුම වැඩිකර ගැනීමට හැකිතරම් ස්වභාවික දේවල් භාවිතයට හුරු වෙන්න. පෝෂදායි ආහාර තෙල්, පිටි, ලුණු, මිරිස්  අදික ආහාර  භාවිතය අඩුකරගන්න. කහපැහැති, කොලපැහැති නැවුම් එළවළු, පලතුරු, ආහාරයට වැඩිපුර එකතු කරගන්න. 

වැඩිපුර ඇති මේදය දහනයට දිනපතා සුළුවශයෙන් හෝ ව්‍යායාම වල නිරත වන්න. මනස සැහැල්ලු ව තබා ගන්න. දිනකට විනාඩි කිහිපයක් හෝ සුළු භාවනාවක නිරත වීමෙන් මුහුණේ පියකරු බව වර්ධනය කරගත හැක. 

හැකි තරම් ස්වභාවික ක්‍රම භාවිතා කරන්න. එය සෑම අයුරින්ම හිතකරවේ. 



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 21 Aug 2019 Wed 8:00 AM