< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මැදි වයසෙ ගෑනු අයට ගර්බාශයේ ප්‍රශ්න ආවම ගර්බාශය ඉවත් කරන සැත්කමක් කරනව... එතකොට යෝනි මාර්ගයත් එක්කමද ඉවත් කරන්නෙ....

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ගර්භාශයේ ගැටලුවේ ස්වභාවයට අදාළ ව අදාළ කොටස් තමයි ඉවත් කරන්නේ. 1)සමහර අයගේ ගර්බාශයේ කොටසක් විතරකුත් සමහර අයගේ 2)මුළු ගර්භාශයමත්,3) සමහර අයගේ ගර්භාෂයයි ගැබ්ගෙල කොටස්ද අවශ්‍යතාව අනුව යෝනිමාර්ගයේ ඉහල ඇතැම් කොටස්ද ඉවත් කරනවා. එය ඉතා කලාතුරකින් සිදුවන්නක්. .පවතින ගැටලුව අනුව කරන සැත්කම වෙනස් වෙනවා. 3 )වන සැත්කම කලත් මුළු යෝනිමාර්ගයම ඉවත් කරන්නේ නෑ.. 

ඔබ‍ට ගැටලු ඇත්නම් ඔබගේ ප්‍රසව හා නාරි වෛද්‍ය වරයා සමග සාකච්චා කරගත හැක.. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 22 Aug 2019 Thu 9:45 PM