ප්‍රශ්න තොරතුරු

කම්මුල්ගාය හැදුනු පිරිමියෙක්ට තාත්තෙක් වීම සිහිනයක් පමනයිද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 වෛරස කාරකයක් මගින් බෝවන කම්මුල්ගාය (පැරොටිඩ් ග්‍රන්ථි ආසාදනය )සෑදෙන විට එහි එක්තරා සංකූලතාවක් ලෙස වෘෂණ  කෝෂ ආසාදනය වීම සිදුවේ . Mumps orchitis ලෙස හඳුන්වන්නේ මෙයයි . කම්මුූල්ගාය වැළඳෙන සෑම කෙනෙකුටම වෘෂණ කෝෂ ආසාදනය වීමක් සිදු නොවේ .  සමහර අයගේ එක් කෝෂයක් හෝ කෝෂ දෙකම වුවද ආසාදනය විය හැක . මෙසේ වන්නේ සාමාන්‍යයෙන් 13% පමණ පිරිසකට ය . අනෙක් පිරිසට මේ තත්ත්වය වැළඳුණ ද මදසරු භාවය හෝ වඳ භාවයක් ඇති වන්නේ නැත . 

මෙහිදී ඇති වන ගැටලුව වන්නේ කෝෂ තුළ ඇති පටක ක්ෂය  වීමකට ලක්වෙමින් ශුක්‍රාණු නිපදවීම නැති වී යාම හෝ අඩු වී යාම විය හැක . මෙය මදසරු භාවයට හේතු විය හැකි තත්වයකි . 

එවැනි තත්ත්වයක දී පමණක් පුරුෂයෙකුට දරුවන් සෑදීමට දායක වීමේ ගැටළුවක් ඇති වේ . මෙය මද සරු භාවය හෝ වඳ භාවය වැනි ඉතා කලාතුරකින් ඇතිවන තත්ත්වයක් වේ .

කම්මුල්ගාය වැළඳී ඇති පුද්ගලයෙකු ට  ඔහුගේ සරු භාවය පරික්ෂා කරවා ගැනීමෙන් සැක දුරු කර ගත හැක . මේ සඳහා ශුක්‍රාණු සාම්පලයක් පරීක්ෂා කරවාගෙන ප්‍රතිඵල දැන ගත හැක . මෙය අනවශ්‍ය ලෙස ආතතියට පත් විය යුතු කාරණයක් නොවේ .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 Aug 2019 Sat 12:05 AM