ප්‍රශ්න තොරතුරු

ane doctor ,mn me sare A/L kre bio walin,eth mt bio gdk amarui.mt hthenwa mn me sareexm failed wenna athi kyl.mn mge mcq marking beluwa.mge mcq marking 20tath adui.subject 3ma.ane doctor ithn mn physics atherl agree krnna haduwe,auruddk thynwa mt next year exm ekt.mt agree walt maru wela auruddkin ae wishya krgena exm goda dagnna puluwn weida?ekt mn khmd wada krnna oni doctor?auruddkin exm goda dagnna mn subject 3tm mula indn wada krnna oni khmd doctor ?oyth bio krpu kenek nisa pls mt kynnko mn auruddkin exm goda dagnna khmd wada krn oni piliwela kyl??pls mt ikmntm uththryk dennaa😥😥😥😥😥😭😭😭😔😔😔😔😥😥😥

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

මීට පෙරත් ඔබයොමු කර ප්‍රශ්නයට මම පිළිතුරු සපයා සපයා ඇත . විභාගයට පෙරත් ඔබට විභාග ආතතිය තදින් දැනුණු බව මතක ය . 

ඔබ දැන් විභාගය  ලියා අවසන් කර ඇති නිසා ඔබට දැනෙන ප්‍රතිඵලය සමහර විට නිවැරදි විය හැක . ඔබ විද්‍යා විෂයෙන්  විභාගයට මුහුණදී එය නැවත මාරු කිරීමට උත්සාහ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි විශේෂයෙන් තීරණය කරන්න . 

කෘෂිකර්ම විෂයට යොමු වීමෙන්  ඔබ බලාපොරොත්තු වන ඉලක්කයන් ඔබට ජයගත හැකි දැයි සිතා බලන්න . සාමාන්‍යයෙන් අලුත් විෂය නිර්දේශයක් අවුරුද්දක් තුළ ඉගෙන ගෙන විභාගය ලිවීම සහ ඔබ පුරුදු පුහුණු වූ විෂයයම නැවත විභාගයට මුහුණ දීම අතර වෙනසක් තිබේ . 

මා නම් දකින්නේ වඩා සාර්ථක ඔබ මෙතෙක් කල් කෙනෙක් ඉගෙන ගත් විෂයෙන් ම නැවත විභාගයට මුහුණ දීම හොඳ බවයි . 

එහෙත් ඔබට අනෙක් විෂයට විශේෂ දක්ෂතාවයක් හෝ ඇල්මක්  තිබේනම්  නම් එම විෂය වුවද අවුරුද්දක් තුළ ප්‍රගුණ කිරීමෙන් සාර්ථකව විභාගයට මුහුණ දීමට හැකියාවක් තිබෙනු ඇත . 

නමුත් මේ අවුරුද්දේ සිදු වු පසුබෑම නිසා ඔබ අධෛර්යට පත් වී එම විෂය තෝරා ගන්නේ නම් එයින් ප්‍රයෝජනයක් නො ලැබෙනු ඇත . පළමු ඔබ ඔබ කිරීමට සිතා සිටින අලුත් විෂය නිර්දේශය ගෙන එය ගැන අධ්‍යනයක් කර බලන්න . එය අවුරුද්දක් තුළ ඔබට ප්‍රගුණ කළ හැකි යැයි දැඩි විශ්වාසයක් තිබේ නම් හා එයින් ප්‍රතිඵලයක් ලැබේ යැයි විශ්වාස කරන්නේ නම් පමණක් එම විෂයට යොමු වීම උචිතය. 

මා ඔබට ලබා දෙන උපදෙස නම් අවුරුද්දක් කාලය  විභාගය සමත් වීමට  හොඳින්   ප්‍රමාණවත්   වෙයි . 

දැන් ම සිට අමතර  පංති  ආරම්භ  කරන්න .වෙනත්සියලු  බාහිර   සම්බන්ධයන් අවුරුදු 1 කට නතර   කරන්න . විභාගයට  හිත නිරවුල්  කර ගැනීමට  අදිටන්  කරගන්න. කෙසේ  හෝ  මෙය  ජයග්‍රහණය  කරන බව   සිතන්න .  ඉන් අනතුරුව වෙනත්  ඕනෑම  දෙයක්  කිරීමට   ඔබට හැකියාව ඇතිවේ .  එතෙක්  ඉවසන්න .   

පාඩම්  කිරීමට  කාලසටහනක් සකසා  ගන්න .    සෑම දිනයක් ම  එකසේ වැඩකරන්න.   හැකි තරම්  පැරණි  ප්‍රශ්න  පත්‍ර වලට  කාලය ට  අනුව පිලිතුරු   ලියා  හුරු   වන්න.   මෙවැනි  ප්‍රශ්න පත්‍ර  අඩුමතරමින්     100ක්වත්  එක විෂයකින් ලියා පුරුදු වන්නේ   නම් විභාගය    ඉතා පහසුය .   අප ද  අනුගමනය කලේ  මෙම ක්‍රමය යි .  සියලුම    මාතෘකාවලට  අනුව  ප්‍රශ්න  ලියා පුරුදු   වන්න ..  විශේෂයෙන් බහුවරණ වලට  පුහුණු   වන්න .  තමන්ට  අපහසු  මාතෘකා    වලට  වැඩිපුර   කාලය  යොදාගෙන  පිලිතුර  ලියා පුරුදු   වන්න .  සැහැල්ලුවෙන් සිටින්න ,තමන් කෙසෙ  හෝ   විභාගය   සාර්ථකව  සමත්  වී   විශ්වවිද්‍යාලයට  යන බව  සිතන්න . එයම  ඔබව ජයග්‍රහණය  කරා   ගෙන යනු  ඇත .  පෙර   විභාගය සම්පූර්ණයෙන්ම    අමතක   කර නැවත  පටන්  ගන්න . ඔබ පටන්  ගන්නෙ  මුල සිට  නොව මග හැරුණු  තැන   සිට  බව සිතා  හෙට සිටම   ගමන  ආරම්භ  කරන්න .  දින ගණන කැලන්ඩරයෙන්  අඩුකරමින්   ඉතිරි  දින ගණන  මතක්  කර  ගන්න .  මා  නම් විභාගය ලෙහෙසියෙන් ම සමත් වූයෙ මෙම ක්‍රමවලින් .  මෙය   සාර්ථක  හා ලෙහෙසි  දෙයක්  ඔබ නිවැරදිව පුරුදු  වන්නේ  නම් .  

නැවතත්    ඔබට  ජයපතමි .  ගැටලුවක් වුවහොත් නැවත    අප අමතන්න.  දුරකථන ය හැකි  තරම්    ඈත්  කරතැබීම නුවණට  හුරුය .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Aug 2019 Sun 6:57 PM