mata kuru hari egeata ath thibbhaa mata amuthu hegimak enawa ehema wenne ai
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
මෙහි ඔබ අමුතු හැඟීමක් ලෙස හඳුන්වා ඇත්තේ ලිංගික උද්දීපනයක් යැයි අනුමාන කරමි . ස්පර්ශය ලිංගික උද්ධීපනය හෝ මානසික සන්තෘෂ්ඨිය ඇති කරන සංවේදනයකි .
එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට එය දැනීමේ තීව්‍රතාවේ සහ පාලනය කිරීමේ වෙනස් කම් දැකිය හැක .
හැඟීම් දැනීම අසාමාන්‍ය තත්ත්වයක් නො වන නමුත් ඒවා අනුව ක්‍රියාත්මක වන ආකාරය අනුව එම ක්‍රියාව සම්මත හෝ අසම්මත ක්‍රියාවක් ලෙස වර්ග කෙරේ . එම නිසා කෙනෙකු ඔබ ස්පර්ශ කල විට ඔබට හැඟීම් දැනීම කුමනාකාරයේ සිදුවු වත් ඔබ ඒ සියල්ලටම ප්‍රතිචාර දක්වන්නට නො යන නිසා එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැක .
එක් එක් අයගේ ශරීරයේ හෝමෝන හෝමෝන හා ස්නායු පද්ධතියේ සංවේදී තාවය හා ක්‍රියාකාරිත්වය අනුව ලිංගික හැඟීම් උද්දීපනය වන තීව්‍රතාවය වෙනස් වේ .
මෙය මිනිසා ඇතුළු සියලු ම සතුන්ට පොදු වූ කරුණකි. මෙවැනි අවස්ථාවක හැඟීම් පාලනය කර ගැනීම දියුණු මනසක් ඇති මිනිසා ට පමණක් කල හැක .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 26 Aug 2019 Mon 3:13 PM