මට මගේ සැමියාගෙන් දික්කසාද වෙන්න ඔනේ.එත් එකට මට මුදල් නෑ.මට ලමයි 3 දෙනෙක් ඉන්නවා .වෙලාවකට ලමයිටත් වහ ටිකක් දීලා ඔක්කොම මැරෙන්න හිතෙනවා
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
දික්කසාද වීම පිලිබදව නැවත නැවතත් සිතා බලන්න. ඉන්පසු දරුවන්ට අත්වන ඉරණම පිලිබදව සිතන්න. ඇතැම් විට පියා විසින් ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකලද නමට හෝ පියෙක් සිටීම බොහෝ අවස්ථා වලදී වැදගත්. ජීවිතය තොරකර ගැනීමෙන් ගැටලු අවසන් වන්නේ නැත. දිනක නැවත නැවතත් මෙවැනි තත්ත්ව වලට ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. එනිසා ඒවා විසදා ගැනීමට කුසතාවය ඇතිකර ගන්න. නිරන්තර හොද පැහැදිලි මනසක් පවත්වා ගන්න. එය නිවැරදි තීරණ ගැනීමට උපකාර වේවි. මනුෂ්‍ය ජීවිතයක් යනු ඉතා වටිනා දෙයක්. නිවැරදිව හැසිරවීමෙන් බොහෝ යහපත් ප්‍රතිපල ලගකරගත හැකිය . ඔබ ඔබේ මෙන්ම අන් අයගේද මනුෂ්‍ය ජීවිත තොර කිරීමට සිතීම පවා අකුසලයක්. අප මුහුණ පාන ඕනෑම ගැටලුවකට විසදුම් ඇත. ඒවා සොයා ගත හැක්කේ හොද මනසක් ගොඩනගා ගත්තොත් පමණයි. ජීවිතේ ස්වභාවය නම් නිරන්තරයෙන් ගැටලු පැමිණීමයි. ඒවාට ඔරොත්තු දියහැකි ශක්තිමත් මනසක් ගොඩනගා ගන්න. ලාමක දුර්වල සිතුවිලි ඇතිකරගන්න එපා. ඔබ ගන්න තීරණ මත දරුවන්ගේ අනාගතය තීරණ වෙනවා. එනිසා බුද්දීමත්ව සිතන්න.
මට ඔබව හොදින් වටහා ගත හැකිය. සිත හදා ගැනීම, ඔරොත්තු දීමට පුරුදු වීම ඉතා අපහසු දෙයක් බව මා දන්නවා. නමුත් අපහසුවෙන් හෝ සිදුකර ගත හැකිය. ඔබ උත්සාහ ගෙන පුරුදු වුවොත් කල් යත්ම පහසු දෙයක් බවට පත් වේවි. මුලදී විතරයි ඕනෑම දෙයක් අපහසු. හොද ආධ්‍යාත්මික සංවර්දනයක් ද ඇතිකරගන්න උත්සහ කරන්න. එය බොහෝ අවස්ථා වලදී උපකාර වේවි.
ඔබට ගැටලු ඇති විට පවසා සිත නිදහස් කර ගැනීමට ආගමික පුජකවරයෙක් හෝ ලගම ඇති රෝහලේ ඔබට සවන් දිය හැකි මනෝ වෛද්‍ය වරයෙක් හමුවන්න. ගැටළු සවන් දීමට කෙනෙකු සිටීමෙන්ම ඔබේ සිතේ පීඩනය අඩුවනු ඇත.
එනිසා ඉහත සදහන් කල දේවල් පිලිබදව නැවත නැවතත් සිතා බලන්න. උත්සාහය ඇත්නම් කළනොහැකි දෙයක් නෑ. දිරිය කාන්තාවක් වීමට උත්සාහ දරන්න...
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 26 Aug 2019 Mon 11:44 PM