ප්‍රශ්න තොරතුරු

මං ඒක පාර්ශවික ආදරයකින් පීඩා විදින කෙනෙක් .මට මේ මානසික තත්ත්වයෙන් මිදෙන්න ඕනෙ .ඒකට මොනාද කරන්න ඕනෙ

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ විවාහකද නැතිද යන්න සඳහන් කළා නම් හොදයි. ආදරය යන්නෙහි අරුත නිවැරදිව වටහා ගතහොත් දුකක් ඉතුරු වන්නේ නැත.තවකෙනෙකු හට ආදරයක් දක්වනවා යනු ආපසු කිසිත් බලාපොරොත්තු නොවී අනෙකාගේ යහපත උදෙසා සිතුවිලි වචන හා ක්‍රියා පවත්වාගෙන යාමයි. මෙහිදී ආපසු තමා සිදුකරන දේවල් වලට පෙරලා දේවල් බලාපොරොත්තු වූ විට තමයි සිතේ දුකක් ඉතුරු වෙන්නේ. සැබෑ ආදරය නම් එයයි. 

නමුත් අපි සාමාන්‍ය මිනිසුන් ලෙස අන් අයගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. එය අවශ්‍ය නම් අපිට ඔහු හෝ ඇය වෙනුවෙන් කැපකිරීම් කරන්න සිදුවෙනවා. නමුත් අපි බලාපොරොත්තු වන දේවල් නොලැබෙන විට අපි දුක් වෙනවා. නමුත් මිනිසුන්ගේ සත්‍ය ස්වරුපය හා වෙනස් වනබව අපට ඕන විදියට පවතින්නේ නැති බව අවබෝධ කර ගෙන සිටිනම් අපිට සතුටුදායක දිවියක් ගත කල හැක. ආදරය කිරීමෙන් මෙන්ම ලැබීමෙන්ද අපි සතුටට පත්වෙනවා. අපි ඉහත කී ආකාරයට නිවැරදිව කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය කළහොත් තමා අපිට එවැනි ආදරයක් අන් අයගෙන්ද ලබාගත හැකිවන්නේ. 

එනිසා ඔබ දිනක ආදරය කිරීමට යමෙකු තොර ගත් විට ඉහත මා පැවසූ දේවල් සැලකිල්ලට ගන්න. එවිට දිනක ඔබ‍ ඔබට  ඉටු කිරීමට අතිදෙවල් නිවැරදිව ඉටුකලා යයි සතුටට පත්විය හැක. 



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 30 Aug 2019 Fri 11:22 AM