< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

⁣⁣වෛද්‍යතුමනි, ශරිරයෙහි රහස් පෙදෙස්යන්හි අදුරු පැහැය නැති කර ගැනීමට කුමක් කල යුතුද. ඊට සුදුසු ආලේපන තියෙනවද සෞඛ්‍යයට හානියක් නොවන

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ආලේපන වර්ග සියල්ල කෘතිම නිපදවීම නිසා ඒවා 100% ක් සෞඛ්‍යයට හිතකර යැයි සහතික කළ නොහැක . නිතර කිසිවෙකුට නොපෙනෙන ස්ථානය අවපැහැ වීමෙන් ඔබට හානියක් නොවන නිසා ඒ ගැන වද වෙන්න එපා . සාමාන්‍යයෙන් බොහෝ අයගේ මෙම ප්‍රදේශවල මෙලනින් ප්‍රමාණය අධික වීම නිසා අවපැහැ වීමත් දැකිය හැකිය .  

නමුත් ඔබට එය  හදිසියේ ඇතිවූ තත්ත්වයක් නම් එය  Acanthosis Nigricans ලෙස හැඳින්වෙන තත්වය දැයි බලා ගෙන ඒමට වෛද්‍යවරයෙකු හමුවී ඒ පරික්ෂා කර ගන්න . විශේෂයෙන්ම දියවැඩියාව තරබාරුකම වැනි තත්ත්වයන් වලදී හෝ හෝමෝන වෙනස්වීම් වල වීම් වලදී මෙවැනි අවපැහැ වීමෙන් හදිසියේ ඇතිවිය හැක . එවිට ඊට හේතුවු  තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් මෙම අවපැහැ වීම නතර කරගත හැක .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 30 Aug 2019 Fri 5:21 PM