ප්‍රශ්න තොරතුරු

මේක මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්. එයා මට මේක ලගදි තමයි කිවුවේ. එයා පොඩි කාලේ වයස අවුරුදු හතක අටක විතර කාලේ එයාට වඩා අවුරුදු තුනක් බාල මල්ලි කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙලා.මල්ලටත් අවුරුදු පහක් වගේලු උනේ. ලිංගිකව එකතු වෙලා කියන්නෙ ඇතුලට දාලා නෑ. ඒ මල්ලිගේ ශිශ්නය මෙයාගෙ යෝනියෙ ගාවගෙන විතරයි. නෑදෑවෙන මල්ලි කෙනෙක් එයාලගේ.හැබැයි ගොඩක් කාලයක් මේ විදිහට ආසවට කරාලු. ඒකට ආසාවේ. ගෙවල් වලින් දන්නෙ නෑලු. එහෙම දේවල් දැකලා නැති නිසා මෙයා මල්ලිගෙ එක අල්ලනවලු මල්ලි මෙයාගේ එක අල්ලනවලු මේ පොඩි කාලේ උනේ ඔහොමලු. හැමදාම වගේ මල්ලිගේ ශිශ්නය මෙයාගෙ යෝනියෙ ගෑව්වලු. එතකොට මෙයාට චූ බර හැදෙනවලු. ඒත් චූ කරන්න ගියාම චූ ගියෙත් නෑලු. ටික කාලෙකින් මෙයාලා ඒක නතර කරාලු මල්ලිලා වෙන පලාතකට ගිය නිසා. මෙයාට තාම ඒවා මතක් වෙනවලු මල්ලිනන් දන්නෙවත් නැතුව ඇතිලු එහෙම දෙයක් උනා කියලවත්. ඊට පස්සේ එහෙම කාත් එක්කවත් එහෙම ඉදලා නෑ මෙයා. මෙයාට දැන් අවුරුදු විසි දෙකක් වෙනවා. යාලු වෙලා මැරි කරන්න ඉන්නෙ. මෙයාට දැන් බයයිලු මෙයාගේ කන්‍යා පටලය කැඩිලද දන්නෙ නෑ කියලා. මෙයා ස්වයං වින්දනයත් ගොඩක් කරනවා කියලා කිව්වා. එයා ගොඩක් දේවල් මාත් එක්ක කිව්වා. අම්මලා තාත්තා කරන ඒවා දැකපු නිසාලු ස්වයං වින්දනයත් කරේ. ඇගිල්ලෙන් යෝනිය අත්ගානවා විතරයිලුකරන්නේ සෙවල වගේ මොනවාද එනවලු මට තේරුම් ගන්න බෑ මොනවාද දෙන උත්තරයක් කියලා ඒකයි මෙහෙම අහන්නෙ.මෙයාගෙ කන්‍යා බාවය තියනවාද අහන්නෙ

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.   

 කවුරු හෝ  කාන්තාවක් ස්ව්‍යංවින්දනය යෙදෙයි  නම් එමගින්  වුවද  කන්‍යා පටලයට  හානි වීමට    ඉඩ තිබේ . කන්‍යා පටලයට හානි  වී   ඇත්දැයි  දැනගැනීමට  වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා  ගත  හැක . සාමාන්‍ය  පුද්ගලයකු ට  ඔබේ  කන්‍යා පටලය තිබේද   කියා කිසිදු  නිගමනයකට එළඹිය  නොහැක . මක් නිසාද   යත්  කන්‍යා පටලය බිඳී  රුධිරය  නිරීක්ෂණය  වන්නේ කන්‍යාවියන්ගෙන්   25%ටත්  අඩු  ප්‍රමාණයකට  පමණක් නිසාවෙනි . 

ස්ව්‍යං වින්දනය  යෙදීම රෝගී  තත්ත්වයක්  නොවේ. ශරීරයට   ඉන් අනිසි බලපෑමක්   ඇති නොවේ .නමුත්  ඇඟිල්ල  භාවිතා කොට යෝනි මාර්ගය  ඇතුලට  තෙරපුමක්  ඇතිකල   හොත්  කන්‍යා  පටලයට   හානි වීමට    ඉඩ   ඇත .නමුත්   එය සමහර  අයට  වුවද  තවත්   අයට  නොවිය  හැක .  සෙවල වැනි  පිටවන්නෙ  යෝනි  ශ්‍රාවයන් ය.  එයට කලබල  විය  යුතු  නැත . සාමාන්‍ය දෙයකි .    ඔබට   ඇති   තත්ත්වය  විවාහ  වීමට බලපෑමක්    ඇති නොකරන  බව  බොහෝවිට සිතිය  හැක .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Sep 2019 Sun 4:10 PM