ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් මට තියන ප්‍රශ්නෙ මන් කෙලින්ම කියන්නම්.මගෙ ජොබ් එකත් එක්ක මට මගෙ බිරිදත් එක්ක ඉන්න කාලය සීමිතයි.මන් අහල තියන විදියට පිරිමින්ට වඩා ගැහැනුන්ට හැගීම් ඇවිස්සීම වැඩී.මන් දන්නව මගෙ බිරිද ස්ව්‍යං වින්දනය කරන විදියවත් දන්නෙ නෑ.මගෙ ජොබ් එකත් එක්ක මට බිරිදත් එක්ක ඉන්න නොහැකි නිසා බිරිදට හැගීම් පාලනේ කරගන්න ස්ව්‍යං වින්දනය පුරුදුකරන එක හරිද වැරදිද?.ඒකෙන් වෙනත් ඇසුරකට යොමු වෙයිද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙය  සම්පූර්ණයෙන් ම වැරදි ක්‍රියාවක් බව කිව හැක .   අඹු  සැමිසම්බන්ධතාවයන් සහ ස්වයංවින්දනය අතර පැහැදිලි වෙනසක් තිබේ . 

ස්ව්‍යංවින්දනය  කිරීම  වැරදි දෙයක් නොවුවද  එයින් අඹුසැමි බැඳීමක බලාපොරොත්තුව  සඵල   කල  නොහැක .  

ඔබෙන් ලැබිය යුතු දෙයක් වෙනුවට ආදේශකයන් යෙදවීමෙන් ඔබ දෙපළගේ සම්බන්ධතාවය පැහැදිලිවම දුරස් වනු ඇත . අනෙක් අතට එය  මිනිස් බැඳීමට පරිබාහිර දෙයක් බැවින්  ඔබේ  බිරිඳ ග්‍රහණය කර ගන්නේ කෙසේද යන්න ගැන නිශ්චිතව නිගමනය කළ නොහැක. සමහරවිට  එය ඔබේ  බිරිඳට මානසික ව්‍යාකූල භාවයක් ඇති වන තත්වයක් විය හැක .  ඇය   එය  වැරදි  දෙයකට පෙළඹවීම ක්  ඇති  කරන්නක් වුවද  විය  හැක .

එම නිසා මෙවැනි තත්ත්වයක් තුළ ඔබ කිරීමට සිතා සිටින විකල්පය සුදුසු නොවන බව වෛද්‍ය විද්‍යාත්මක නිරීක්ෂණය යි . 

ජීවිතයේ වැදගත් ම සම්බන්ධයන් වෙනුවෙන්  කාලයක්  වැය කිරීමට නොහැකි වුවොත්  එයින් පසුව  ඇතිවන ප්‍රතිඵල   ඉතා වේදනාකාරී වනු   ඇත.  

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 Sep 2019 Tue 11:21 PM