ප්‍රශ්න තොරතුරු

Doctor,mage registration ekata dan auruddai.husbund inne rata.eyage loku durwalathawayak tiyanawa.man gena hoyala balanne ne..adaren katha karanne ne.cl ekak aran man katha kaloth nidimathai eyata...ape gedara aya ekk katha karanawa nam nidi matha ne..mata therenne ne husband and wife kenek unama me wage wenawada kiyala.ehema hoyala balanawata man asai.man e gena qwama eya kiyanne laga inna kaleka hoyannam balannam kiyala...wachanekin hari kewada.koheda inne..ada weda kohomada..wage dewal man ahanawata asai.eya ahanne ne.man eyagena ewa ahuwath ketiyen uththara denne.wedata giya.awa.kewa.mahamsi.e wage.epa wenawa...mata me sambande athi wela mehema.mekata wisaduma mokdda.man mokdda karanna ona.man hithan inne masayakwath eka digata katha nokara inna.ethakotawath asa hithei kiyala...me widiyafa family life?wisadumak tiyanawada doctor mekata...monawada husband wife unama katha karanne....(api denna aurudu 7ka afire 1k tibune.api dennatama 28i)

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 


ඔබ පත් වී ඇති තත්ත්වය අපට තේරුම් ගත හැක 

මෙවැනි ගැටළු කීපයක් ළඟ ළඟ පැමිණි බව මතකය .. ඒවායෙන් පසු ඔබ  දෙදෙන දෙතනක ජීවත්වීම  නිසා  මෙවැනි ගැටලු ඇති වීම එක්තරා විදියකට සුලබ තත්වයකි . 

මේ ගැටලුව  ටික ටික වර්ධනය වීමේන් විශාල ප්‍රශ්නයක් වුවද ඉදිරියේ දී ඇතිවිය හැක 

එම නිසා ඔබ ඉතා අවබෝධයක්  හා ඉවසීමෙන් කටයුතු කළයුතු අවස්ථාවකි 

ඔහුව අපහසුතාවයට පත්වන හෝ  අකමැති වන ආකාරයේ හෝ  දෙයක්  නිතර බලාපොරොත්තු වීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් වලකින්න .

බොහෝ විට ඔහු රැකියාව නිසා දැඩි මානසික  ආතතියෙන් පසු වනවා වීමට ඉඩ ඇත . එතෙර රටක තනි වී ඇති නිසා ඔහුගෙන් ඉතා සියුම් දේවල්  බලාපොරොත්තු වීමේ දී ඒවා නොලැබී යාමට ඉඩ ඇත .

ඔබට  ප්‍රශ්න විසඳා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් ඇත 

මට ඔහු වෙසෙන රටට ගොස් ඔහු සමග ජීවත් විය හැක 

නැතහොත් ඔහු සමඟ සාකච්ඡා කොට අනාගතය සැලසුම් සහගතව ගත කරන්නට හැක 

ගෙදර  අයගෙන් ඇතිවන ප්‍රශ්න ඔහු  සමග කතා කිරීමේදී පරිස්සම් වන්න . වෙනදාට වඩා ආදරයෙන් ඔහු සමග සමඟ කතා කරන්න . 

සෑම විටම ඔහුට බාධා වන ආකාරයට කතා කරන්න එපා .  ඔහු සතුටින් සිටින වේලාව බලා ඔබ දෙදෙනාට ඇති ගැටලු සාකච්ඡා කරන්න . 

සැමවිටම ඔහුගේ  ප්‍රශ්නයට මුල්තැනදී කතා කිරීමෙන් ඔබ දෙදෙනාගේ ගැටළු විසඳා ගත හැකි වනු ඇත. 

වසර හතක ආදරය කොට විවාහ ඔබ දෙදෙනාට  මෙවැනි ගැටලු ඉතා පහසුවෙන් විසඳා ගත හැකි වනු ඇත . 

ඉතා  සියුම් දේ ඔහුගෙන් බලාපොරොත්තු වීමෙන් මේ අවස්ථාවේ වැළකී කටයුතු කරන්න . මෙය තාවකාලික අසීරු වූ අවස්ථාවක් බව සිතාකටයුතු   කරන්න . නමුත් ඔබේ   ගැටළු   වලට  ඔහුගෙන්  පිලිතුරක් ලබා  ගන්න   ඉතා  උපක්‍රම ශීලිව .  දෙතැනක   සිට  සාර්ථකව පවුල්  ජීවිතයක්   ගත  කිරීමට  තරම්  අත්දැකීමක්   ඔබ   දෙදෙනා   තුලම   නැති වීම මේ   ගැටළුවලට හේතුව   බව පෙනෙන  නිසා   හැකි   ඉක්මනින්   එකනිවසක ජීවිත්වෙන්න  කට යුතු  කරන්න .  

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 04 Sep 2019 Wed 10:34 PM

අදහස්