ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් මගෙ වයිෆ් නිතර කියනව බඩ රිදෙනව කියල කියනව.බඩත් තරමක් ලොකු වෙලා.රෑ එලි වෙනකොට පස් හය වතාවක් එයා මූත්‍රා කරනව.මූත්‍රා කහපාටට හුරුයි.උපත් පාලන කරලක් එයාගෙ අතට දාල තියෙන්නෙ.ඒ නිසා මෙහෙම වෙනවද නැත්නම් ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් නිසා මෙහෙම වෙනවද

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පවසා ඇති තොරතුරු එම ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රමාණවත් නැහැ .  උදරයලොකු  වීම  හා බඩේ  කැක්කුම    අතර  සම්බන්ධයක් තිබිය   හැක . එමෙන්ම  මුත්‍රා  නිතර යෑම   හා කහ  පාටට  හුරුවීම  පරීක්ෂා  කර  ගත යුතුම   තත්ත්වය ක්.   සාමාන්‍යයෙන්  උපත්  පාලන  කරලක් පැළඳගෙන් සිටීමෙන් මෙසේ වන්නෙ   නැත . 

 මෙය සමහර විට   උදරයෙ අවයව  වල  ආසාදනයක් හෝ   මුත්‍රා    ආසාදනයක්  නිසා  විය  හැක . නැත්නම්  ගර්භාෂය   ආශ්‍රිත රෝග  තත්ත්වයක්  වුවද විය   හැක .  

මේ   සඳහා  ඔබ  කල   යුත්තේ  ප්‍රථමයෙන් මූලික  රුධිර පරීක්ෂාවක් (FBC) හා   මුත්‍රා  පරීක්ෂාවක් (UFR) සිඳු  කර බැලීමට   ළඟම   රජයේ රෝහලේ බාහිර රෝගී  වෛද්‍ය    අංශය ට (OPD) යොමුවීමයි.  අවශ්‍ය  නම්   පෞද්ගලික   අංශයේ   සුදුසු කමක්    ඇති  වෛද්‍යවරයකු  හමුවී  වුවද  සිඳු කර  ගත  හැක .

එහිදි  ම  අවශ්‍ය  නම්  රුධිර සීනි (FBS)මට්ටම  හා   LFT / RFT  රුධිරපරීක්ෂණ වැඩිදුරටත්  කර  ගත  හැක .  

පරීක්ෂණ  වාර්තා  අනුව   ඔබේ රෝගවිනිශ්චය හෝ   අවශ්‍ය  SCAN පරීක්ෂණ හෝ වෙනත් විශේෂඥ  වෛද්‍යවරයකු  වෙත හො යොමුකරනු   ඇත . 

හොඳම  දෙය හැකි  ඉක්මනින් පරික්ෂා කරවා ගැනීමයි .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Sep 2019 Thu 6:23 AM