මාගෙ පෙම්වතිය කලින් ලිංගික ඇසුරක් පවත්වා ඇත. සිදු වු සියල්ලම මට පවසා ඇත.මා ඇයව විවාහ විමට සිටි. එහෙත් මා හට සුළු බියක් සිතෙහි ඇත ඒ මන්ද කලින් ඇසුරෙදි ඇයට සිදු වු දේවල් නිසා යම් රෝගයක් ඇත්දැයි සැකයක් පවති මා ඇයට පණ මෙන් ආදරෙයි. එය සිදු වී ඇත්තෙ මීට වසර 4 ඉහතදීය. ඇයට කිසිදු රෝග ලක්ශනක් නොමැත එය විස්වාසය. මා කලයුතු දේ කුමක්ද තවද ඇයට ඔසප් චක්‍රය ප්‍රමාදයක් ඇත. සමහරවිට ඇයට මාසයක් කාලයක් ප්‍රමාද වේ. එයට ද කලයුත්තෙ කුමක්ද
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
ඔබ පවසන දෙය යම් සාධාරණ බවක් තිබේ . ඇගේ කලින් ඇසුර නිසා ඇයට යම්කිසි රෝගයක් වැලදීමෙ සම්භාවිතාව තිබිය හැකි වුවත් එය පරීික්ෂා කර ගත හැක . මෙහිදී ඔබ විශේෂයෙන් පරීක්ෂා කරගත යුතු වන්නේ ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝගයක් ඇයට වැලඳී තිබේ ද යන්නයි . HIV , HEP B , Herpes වැනි ලිංගික ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි රෝග සඳහා පරීක්ෂාවක් කර ගැනීම උචිතය . මෙය පහසුවෙන් සිදු කරගත හැක
මේ සඳහා ඇගේ රුධිර සාම්පලයක් රසායනාගාරයට ලබාදී STD පරීක්ෂාවක් කරවා ගත හැක .
මෙය ඇගේ කැමැත්තෙන්ම ඈ හා සමග එක්ව සිදුකර ගැනීම ඉතා උචිතය . මක් නිසාද යත් සමහර ලිංගික සම්ප්‍රේෂණ රෝග වල රෝග ලක්ෂණ මතු වීමට දිගු කාලයක් වුවද ගත වීමට හැකිය . එමෙන්ම එවැනි රෝග සාධකයක් තිබේ නම් ඒවා සඳහා යම් ප්‍රතිකාර වලට යොමු වීමට වුවද අවකාශ සැලසේ. අනෙක් අතට ඔබ දෙදෙනා දරුවෙකු පිලිසිද ගැනීමට පෙර මෙය පරික්ෂා කරවා ගැනීම උචිත වේ .
ඔසප් චක්‍රය ප්‍රමාද වීමට නම් කලින් ලිංගික ඇසුර බලපෑමක් නැත .
එය සාමාන්‍යයෙන් කාන්තාවන්ට ඇති වන තත්ත්වයක් වන අතර පහසුවෙන් ප්‍රතිකාර මඟින් නිවැරැදි කළ හැකිය . ඒ සඳහා නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු හමුවීම ප්‍රමාණවත් වේ .
ඔබ පවසන විස්තර අනුව නම් ඇය බොහෝ විට නිරෝගී කාන්තාවක් වීමට ඉඩ තිබෙන බව සිතේ .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 08 Sep 2019 Sun 2:23 PM