ප්‍රශ්න තොරතුරු

mama aurudu 3 duwek innawa mama thawa daruwek bala poroththu wen inne saru kalada adena sulu ahrawayak pitawenne e ahrawayak dawaskiyak thobeda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ ඔබ අසා ඇති ප්‍රශ්නය පැහැදිලි මදි ය. ඔබ  ගර්භනී තත්වයේ සිටින්නේ ද නැ ද්ද නැතහොත් ඔබ ගර්භනි වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ද යන්න නිශ්චිත නැත . පිටවෙන ශ්‍රාවය ගැන නිශ්චිත ව කිව හැක්කේ ඒ තොරතුරු මතය . නැවත ප්‍රශ්නය යොමු කරන්නේ නම් පිළිතුරු දීම පහසු ය . 

නමුත් සරු කාලයේ පිට වෙන ශ්‍රාවයක් ගැන නම් ඔබ අසා ඇත්තේ  එය ගර්භනී තත්ත්වයට පෙර පිටවෙන යෝනි ශ්‍රාව කි . විශේෂයෙන් ඩිම්බ මෝචනය වන කාලයේ දී මෙවැනි ශ්‍රාවයන් පිට වේ සාමාන්‍යයෙන් දින තුනක් තුනත් පහත් අතර කාලයක් මෙය තිබිය හැකි අතර සමහර විට වෙනස් වන අවස්ථා ද තිබේ. 

එහි පැහැය  කුමක්දැයි සඳහන් කර නැති නිසා එය කුමන ආකාරයේ ශ්‍රාවයක් යන්න නිශ්චිතවම කිව නොහැක .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Sep 2019 Mon 1:54 AM