ප්‍රශ්න තොරතුරු

mn dan mithuri tablat eka bonawa. eka biwwa dawase idan agata godak amarui kalnthe gathiya wage enawa. aga wewlanawa wage welawakata. oluwa ussan wedak karannawath ba ai ehema wenne? hodama de wenne scan parikshanayak karaganna ekada

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ mithuri මිතුරි පෙති පාවිච්චි කරන්නේ කුමක් සඳහා යන්න සඳහන් කරන්නේ නම් ප්‍රයෝජනවත්ය . එමෙන්ම ඔබේ වයස සහ විවාහක අවිවාහක තත්වය ද සඳහන් කරන්න. සිටින දරුවන් ගණන ද අපට එවන්නේ නම් මැනවි . 

එවිට  මිතුරි පෙති භාවිතා කිරීම නිසා ඔබ ට ඇති වී ඇති අතුරු විපාක වලින් මිදී ඒ සඳහා භාවිතා කළ හැකි වෙනත් ආකාරයක උපත් පාලන ක්‍රමයක් ඔබට යෝජනා කළ හැකි වේ . 

ඔබ  ස්කෑන් පරීක්ෂණයක් කිරීමට සිතා සිටින්නේ ඇයිද යන්න පැහැදිලි නැති නිසා ඔබට යම් අපහසුතාවයක් තිබුණා ද    යන්නත් පෙර රෝග ඉතිහාසයක් පිළිබඳ යම් තොරතුරු වේ නම් ඒවාද අපවෙත එවන්න .  

සමහර අය ට මිතුරි පෙති භාවිතා කිරීමේදී මෙවැනි ආකාරයක  හිසරදය වමනය ඔක්කාරය කැරකැවිල්ල වැනි අතුරු විපාක සුලබය . ඒවා ඉතා තදින් දැනෙන්නේ නම් නම් එම පෙති භාවිතයෙන් වැළකී ඔබට වෙනත් උපත් පාලන ක්‍රමයකට යොමු යොමු වීම සුදුසු බව සිතමි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Sep 2019 Mon 11:16 PM