< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

doctor, සම පැහැපත් කර ගන්න මොනවද කරන්න ඕන. tablet, cream හැර ආහාර රටාවෙන් සම පැහැපත් කර ගන්න හොදම විදසදුම මොකද්ද.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

පෝෂදායි සමබල ආහාර වේලක් ලබාගතයුතු වෙනවා. ක්ෂණික ආහාර, තෙල්, ලුණු, පිටි, මිරිස්, සීනි අධික ආහාර අවම කරන්න. කහ පැහැති, කොළ පැහැති  නැවුම් එළවළු, පලතුරු, පලා වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න.කොළ කැඳ වර්ග, තම්බපු එළවුළු, එළවළු හා පලතුරු සලාද වර්ග, ධාන්‍ය වර්ග ආහාරයට ගන්න.  හැකි තරම් පිරිසිදු ජලය වැඩිපුර පානය කරන්න. 

ඊට අමතරව ව්‍යායාම වලද නිරත වන්න. මානසික සැහැල්ලු තාවක් පවත්වා ගැනීම කායික නිරෝගිතාවය මෙන්ම එකසේ වැදගත් වනවා. එනිසා සුළුවශයෙන් හෝ භාවනාවක නිරත වන්න. 

හැකිතරම් ශරීරයට හිතකර ස්වභාවික දේවල් වලට හුරු වන්න.. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Sep 2019 Tue 8:55 PM