ප්‍රශ්න තොරතුරු

doctor, ඇග කෙට්ටු  කරගන්න ⁣දෙහි බොන එක සාර්තක වෙනවද. අතුරු ආබාධ අැති වෙනවද. නැත්නම් ඇග කෙට්ටු කර ගන්න කල යුත්තේ කුමක්ද. මට exercise කරන්න time නැ daily. 

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.  

සාමාන්‍යයෙන්  දෙහි සහිත වතුර වීදුරුවක් පානය කිරීමෙන් එය සිරුරේ සමස්ථිතිය හා පරිවෘත්තිය ක්‍රියා වේගවත් කිරීමට හේතුවන බවට සමීක්ෂණ වල සඳහන් වේ .මෙය  කැලරි දහනය කිරීමට සහ අඩු වශයෙන් මේදය තැන්පත් වීමට හේතු වන බව සිතිය හැක .

නමුත් මේ සඳහා යොදාගෙන ඇති  ගෙන ඇති ඉතා සාර්ථක පරීක්ෂණ සහ ප්‍රතිඵල වාර්තා තවමත් නැත . 

දෙහි පානය කිරීමෙන් ලැබෙන වෙනත් ප්‍රයෝජන ද ඇති නිසා දෙහි යුෂ වීදුරුවක් පානය කිරීම අධික තරබාරු කෙනකුට සමහරවිට හොද ය . 

නමුත් දිනපතා දෙහි පානය කිරීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ අතර අතර ගැස්ට්‍රයිටිස් තත්ත්ව වර්ධනය වීම බඩේ දැවිල්ල ඇතිවීම දත් දුර්වල වීම ආදිය දැක්විය හැක . 

කාලය වැය නොකර නිකන් සිට කිසි දෙයක්  ලබා ගත නොහැකි බැවින් ඔබට ව්‍යායාම නොකර තරබාරුව  අඩු කර ගැනීම ඉතා අපහසු වනු ඇත . 

නමුත් ආහාර පාලනයෙන් සහ keto ආහාර මගින්  යම් තාක් අඩු කර ගත හැක . 

මේ සඳහා සුදුසු සැලැස්මක් අනුගමනය කිරීමට  BMI   අගය  මේද පටක ප්‍රමාණය හා දහනය කල  යුතු කැලරි ප්‍රමාණය ගණනය කළ යුතු අතර ඒ සඳහා පෝෂණවේදී වෛද්‍යවරයෙකු හමු වී සාකච්ඡා කරන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Sep 2019 Tue 9:00 PM

අදහස්