ප්‍රශ්න තොරතුරු

කොනඩෙ ඝනකම් කර ගන්න මොකද කරන්නේ doctor

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

කෘතීම දේවල් භාවිතයට වඩා ශරීරයට හිතකර ස්වභාවික දේවල් භාවිතා කරන්න. කහ පැහැති, කොළ පැහැති එළවුළු පලතුරු, පලා වර්ග වැඩිපුර ආහාරයට ගන්න. හොදින් පිරිසිදු ජලය පානය කරන්න. සතියට කිහිප වතාවක් හොද පිරිසිදු පොල් තෙල් සාත්තුවක් හිස කෙස් වලට යොදන්න.තෙල් හිසට දමා හොදින් හිස් කබල සම්භාහනය කරන්න. හිස්කබලට දැනෙන සේ දවසට කිහිප වතාවක් හිස පීරන්න. එවිට හිස කෙස් වලට රුදිර සැපයුම හොදින් සිදුවේ.  කිසකෙස් හොද පිරිසිදුවට තබා ගන්න.

මෙවැනි දේවල් මගින් පහසුවෙන් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ කෙස් කළබක් වර්ධනය කරගත හැක.. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 10 Sep 2019 Tue 9:01 PM

අදහස්