ප්‍රශ්න තොරතුරු

mama garbani bawayata path wee ne thama balaporoththu wenaw sudu pahathi alena sulu srawayak e srawaya enne Saru kalayedida

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ තොරතුරු ලබා දීම  ප්‍රමාණවත් . මෙම ශ්‍රාවය සාමාන්‍යයෙන් සුද යාම ලෙස අප හඳුන්වනවා . එය කාන්තාවන්ට සාමාන්‍යයෙන් සිඳු  වන අතර කැසීමක් හෝ වෙන වෙන යම් අපහසුතාවක් නැත්නම් ඒ තරම් වද විය යුතු තත්ත්වයක් නොවේ . 

ශ්‍රාවය සාමාන්‍යයෙන් සරු කාලයේදී මෙන්ම එයින් පිටතදී වුවද ඇති විය හැක . එම නිසාවෙන් සරු කාලය නිර්ණය කළ නොහැකි අතර ඔබේ සරු කාලය සාමාන්‍ය යෙදෙනනේ ඔසප් පළමු දිනයේ සිට දින දහයක් දින පහළොවත් අතර කාලයක් වේ . 

මෙය තීරණය වන්නේ ඔබගේ ඔසප් චක්‍රයේ දින ගණන මත ය . එය සාමාන්‍ය දින 30ක  චක්‍රයක් නම් ඉහත පරිදි සරු කාලය ගණනය කරගත හැක . 

ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නම් මෙම කාලය අතරතුර එක් වීම ඉතා වැදගත් ය . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 11 Sep 2019 Wed 11:00 AM