< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මගේ මුහුණ පැහැපත් නෑ.කට වටේ, නලල කලුයි.කුරුලෑ නැතත් පැල්ලම් තියෙනවා .විවිධ ස්වාභාවික ප්‍රතිකර්ම කලත් ප්‍රතිපලක්නෑ.මේකට මොකද කරන්නෙ ?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

නිශ්චිතව පරික්ෂා කිරීමකින් තොරව මේ සඳහා පිළිතුරු ලබා දීම අපහසු ය . මෙම පැල්ලම්  හා හා කලු වීම කුමන වර්ගයේ ඒවා ද යන්න හඳුනා ගත යුතුය .  

සමහර විට සමේ ඇතිවන විවිධ ඌනතා නිසා හටගන්නා තත්ත්වයන් මෙන්ම විවිධ දිලීර ආසාදන,  ජාන වෙනස්වීම් නිසා ඇතිවන තත්ත්ව ආදිය ද ආදියද සමහර වෙනත් රෝග නිසා ඇතිවන සමෙහි තත්ත්වයන් ද මේ අතර තිබිය හැක . 

විශේෂයෙන්ම නලල කලු වීම සහ කට වටා කලු වීම වැනි සමහර ස්ථාන කළු වීමට බලපාන හේතු හඳුනා ගත යුතුය. සමහරවිට ස්වභාවිකව මෙලනින් වර්ණකය අධික ලෙස තැන්පත් තැන්පත් වීමෙන් ද මෙවැනි තත්ත්ව ඇති විය හැක . 

හොඳම දේ වන්නේ ළඟම ඇති රජයේ රෝහලේ චර්ම රෝග සායනයට යොමු වීම විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගෙන උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමයි .  

ඔබට වෙනත් රෝග තත්ත්වයක් නිසා මෙම කළු වීම හටගෙන නැත්නම් තත්ත්වය පාලනය කිරීම පහසු වනු ඇත .  

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 Sep 2019 Sat 1:35 PM