ප්‍රශ්න තොරතුරු

Mama yaalu wela inna kena ganja use karanawa. Api 2na marry karanna inne next year. Eya marry kalama okkoma nathara karanawa kiyala kiyanawa. Eyawa eken ain karaganne kohomada mama?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක ට   සම්බන්ධ කිරීමෙන් හෝ  මානසික උපදේශන සේවාවකට යොමු  කිරීම මගින් ඔහුට මෙම තත්ත්වයෙන් ගැලවීමට හැක .

මේ සඳහා උදවු කරන ලංකාවේ ආයතන කීපයක්ම ඇත.  හොඳම දෙය ලගම රජයේ රෝහලේ ඇති  මානසික වෛද්‍ය සායනයට සහභාගි වී වැඩි විස්තර ලබාගෙන සුදුසු ස්ථානයකට යොමු වීමයි .  

අද කළ යුතු දේ අදම කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ගත හැකි වනවා මෙන්ම ඔබගේ අනාගත විවාහ ජීවිතයද සාර්ථක කරගත හැක . එම නිසා ඔහු කියනා පරිදි විවාහ වීමෙන් අනතුරුව නතර කිරීමට හැකි බව පැවසුවත් නිවැරදි මනෝ උපදේශනය සහ වැඩසටහන් වලට යොමු නොවුවහොත් එය කළ නොහැක්කක් වනු ඇත . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 Sep 2019 Sat 2:25 PM