ප්‍රශ්න තොරතුරු

මාහට අගෝස්තු 30 දින ඔසප් විය මාත් ස්වාමියත් දින 7 කට පසු දරුවෙක් බලාපොරොත්තුවෙන් එකතු විය 15 වෙනිදා පටන් සුද සමග රතු වර්ණය මිශ්‍ර වී මුත්‍රා සමග එනු දුටුවෙමි ඔසප් වී නැත අදට දින තුනකිමෙයට කුමක් කල යුතුද

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මුත්‍රා සමග රතු පැහැයට යමක් විට වේ නම් එය බොහෝ විට රුධිරය විය හැකි නිසා ඔබ පළමුව කළ යුත්තේ මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බැලීමයි . නම සුද සමග යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිට වේ නම් එය ගැබ්ගෙල හා පිට වන්නක් විය හැක . නැත්නම් එකතු වීම නිසා හටගත් රුධිර වහනයක් විය හැක . 

සාමාන්‍ය ඔබේ සරු කාලයේ පටන් ගන්නේ ඔසප් පළමු දින සිට දින දහයක් 15 වත් අතර කාලයේදීය . එය වන්නේ ඔබේ ඔසප් චක්‍රය දින 28ත් 30 ත් අතර නම්  ය . 

සමහර විට මේ සාමාන්‍ය තත්ත්වයක්ද තත්ත්වයක් ද නැතහොත් මුත්‍රා ආසාදනයක් ද විය හැක . සුද යාම ගැන බිය විය යුතු නැත . සමහරවිට ඔබ ගැබ් ගැබ්ගෙන  විට ඔබ ගැබ් ගෙන ඇති විට ද මෙවන් ආකාරයක ඉතා සුළුවෙන් යෝනි මාර්ගය හරහා රුධිරය පිට වීමට ඉඩ ඇත . 

සැක හැර දැන ගැනීමට ඔබ කළ යුත්තේ ඇත්තේ පළමුව මුත්‍රා පරීක්ෂණයක්( UFR )සිදුකර එය සාමාන්‍ය දැයි බැලීමයි . නමුත් දිගටම මුත්‍රා සමග රුධිරය වහනය වේ නම් වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරගත යුතුව තිබේ .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 17 Sep 2019 Tue 3:28 PM