ප්‍රශ්න තොරතුරු

dr මට අවු 30 යි married බබෙක් ඉන්නවා . මම delivery එකෙන් පසු මහත් වුනා. මට period හැදෙන්නේ මාස එකහමාරකට හෝ දෙකකට පසු ඒකත් දවස් 15ක් විතර. 8/19 -9/1 අතර period තිබුනා ඒත් ආයෙත් මේ මාසෙ 12 period ඇවිත් .හේතුව මම මහත නිසාද. delivery එකට කලින් vog කෙනෙක් හම්බ වුනාම කිවුවා මං මහත් නිසයි period දවස් ගනන වැඩියි කියලා කිවුවෙ.. තාමත් ඒ තත්ත්වය එහෙමයි.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ  ගැටලුවට අනුව මට නම් පෙනී යන්නේ මෙය වෙනත් රෝගී තත්ත්වයක් විය හැකි බවයි . විශේෂෙන්ම ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට වඩා ඔබට ඔසප් සිදුවන දින ගණන ඉතා වැඩි ය . එනම් රුධිරයේ අධික ලෙස පි ට වීමක් දැකිය හැක . මේ තත්ත්වය වහාම පරික්ෂා කරගත යුතුය .

සමහර විට ගර්භාෂ ගෙඩි  වැනි තත්ත්වයන් තිබුණහොත් හෝ වෙනත් තත්වයන් යටතේ  දී මෙවැනි අධික රුධිරය පිට වීමක් දැකිය හැක . 

අධික ලෙස තරබාරු වීම නිසා මෙසේ සිදු වීමට ඇති ඉඩකඩ අඩු ය . සමහර විට ඔබගේ රුධිරයේ ඇති වෙනත් රෝග තත්ත්වයක් නිසා අධික ලෙස රුධිරය පිට වෙනවා විය හැක . ඔබට අවශ්‍ය කරන්නේ මූලික රුධිර පරීක්ශා සහ ස්කෑන් පරීක්ෂණයකි.  

මේ සඳහා ළඟම රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන්න නැතහොත් පුද්ගලික විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න . එයින් ඔබට මෙම අක්‍රමවත් වීම සහ දිගුකාලීනව රුධිරය පිටවීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැක 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Sep 2019 Wed 3:42 PM