ප්‍රශ්න තොරතුරු

මගේ gril frendගේ වයස 23 අපි ලබන මාසේ විවාහ විමට ඉන්නේ නමුත් ඇගේ මෙන්සස් හැදුනේ අන්තිමට අගොස්තු 5 නමුත් ඇයට තවම ඇයට හැදුනේ නැ... මේ තත්වය රොගී තත්වයක්ද නැතහොත් සාමාන්‍ය තත්වයක්ද.... අනික අපි අතර ලිංගික එක්විමක්ද සිදු නොවිනි.. මෙය විවාහයෙන් පසු බලපාවිද...මෙයට පිලියමක් ලබාදෙන්න.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

සාමාන්‍යයෙන් ඔසප් අක්‍රමවත් වීම කාන්තාවන්ට පොදු ගැටලුවකි . ඇයට සාමාන්‍යයෙන් ක්‍රමවත් චක්‍රයක් තිබේ නම් තිබේ නම් මේ මාසයේ දී ඔසප් සිදු විය යුතුය .නමුත් පමා වී ඇති නිසා  Hcg මුත්‍රා පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසු ය 

එයින් ගර්භනී තත්ත්වයක් නැත්නම් මෙය එතරම් බියවිය යුතු ප්‍රශ්නයක් නොවේ . 

ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමට ලබා ගත හැකි හෝමෝන පෙති  ප්‍රතිකාරය ඇත . නමුත් ඊට පළමුව ඇගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඇත්තේ ඇයි දැයි කියා පරීක්ෂා කර බැලිය යුතුය . මෙය විවාහ වීමට හෝ දරුවන් ලැබීමට විශාල ගැටලුවක් වන්නේ නැත . 

මෙවැනි දේට සාර්ථක ප්‍රතිකාර ඇති නිසා ඔබ  කළ යුත්තේ ඇයව විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබා ගැනීමයි 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 Sep 2019 Thu 5:57 AM