ප්‍රශ්න තොරතුරු

Mn marry karala dan masa 9k venava masa 4k vage idan thamai api lingikava ekathu venne mage doctor ape 1i lingika ekvimedi kanya patalaya sidune na le giyeth na eka nisa mai housbond atharei hugak prashna api aurudu 5k adare karala marry kare mn badinna kalin eya ekkavath lingikava ek une na mage prshne svbavikavama mata kanya patalayak nadda ehemath nathnm lingikava ekvimen eka sidunada kiyala balaganna parikshanayak thinavada kiyala danagannai mage uvamanava

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

පළමු කාරණය නම් ඔබගේ කන්‍යා පටලය  තත්ත්වය පරීක්ෂා කරගත හැකි බවයි . 

අනෙක් කාරණය වන්නේ ලිංගිකව එකතු එකතුවීම  සිදුවුන ද කන්‍යා පටලය බිඳී රුධිරය වහනය වෙන්නේ 25% ක ටත් වඩා අඩු ප්‍රමාණයකගේ පමණි . 

ඔබ  බොහෝ විට මේ කාණ්ඩයට අයිති කෙනෙක් විය හැක .බොහෝ කාන්තාවන්ගේ කන්‍යා කන්‍යාපටලය ඇදෙන සුළු වීම නිසා හෝ එහි ස්වභාවය වෙනස්වීම නිසා ලිංගික එකතුවීමකදී බිඳීමකට ලක් නොවිය හැක . එවිට රුධිරය වහනය වීමක් සිදු වන්නේ නැත . 

වර්තමාන සමාජයේ බොහෝ අය මේ පිළිබඳව දැනුවත් වන අතර ඔබේ ස්වාමියා එය නොදැන සිටීම කණගාටුදායක ය . කෙසේ නමුත් ඔබ දෙදෙනාම නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු වෙත  යොමු වන්න. ඔහු ලවා ඔබගේ කන්‍යා පටලයේ ස්වභාවය හා එය ට  සිදුවී ඇත්තේ කුමක්දැයි යන්න නිශ්චිතව දැනගත හැකි වනු ඇත . 

වෛද්‍ය විද්‍යාත්මකව පළමු එකතුවීමේදී රුධිරය පිට වීම මගින් කන්‍යාභාවයක් කිසිසේත්ම නිරීක්ෂණය  කරනු නොලබයි . එයට හේතුව වන්නේ බොහෝ අයට  එසේ නොවීමත් , කන්‍යාභාවය නැති අයගේ වුවද එක්වීමේ දී මෙලෙස රුධිරය පිටවියහැකි  වීමත්නිසා ය . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 21 Sep 2019 Sat 12:11 AM