මගේ ඇඟේ ගොඩක් පැල්ලම් තියනව..පැපොල හැදුන පැල්ලම්..ඒවා මොන ක්‍රීම් එක ගෑවත් යන්නෙ නෑ..මං මොකද ඒවට කරන්නෙ
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
ඔබ ට පැපොල සෑදී කොපමණ කලක් ද මෙහි සඳහන් කර නැත . කෙසේ නමුත් පැපොල නිසා ඇතිවන කැළැල් මැකී යාමට අවුරුදු ගණන් ගත වන අවස්ථා ද තිබේ . සාමාන්‍යයෙන් මෙහි ඇති වි තිබෙන කැලල වල සෛල ගැලවී යාමෙන් පසුව නැති වී යනු ඇත . ක්‍රීම් වර්ග භාවිතයෙන් මෙම කැලලි මකා දැමීම ඉතා අසීරුය .
නමුත් වර්තමානයේ ලේසර් ප්‍රතිකාර ක්‍රම හා ප්ලාස්ටික් ශල්‍ය ක්‍රම මගින් මෙම කැළැල් ඉවත් කිරීමේ පහසුකම් ඇත .
නමුත් සියයට අනූවකට වඩා මෙම කැරලි ස්වභාවික මැකී යන නිසා ඔබ කළ යුත්තේ ඉවසීමෙන් කාලයට ඉඩ දීමයි.
අවශ්‍යම නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට යොමු වන්න .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 21 Sep 2019 Sat 2:42 PM