ප්‍රශ්න තොරතුරු

mama aurudu 5k ylu wela hitiya.ada eya wena kellek ekka chat krla,e kellatath balaporoththu dela godakk.e kellath adare karala tika dawas athulatha wechcha deyak..e kella mata scren shot euwa anthimata..mata ewa dara ganna godak amarui..puluwan tharam iwasan inna haduwath mata e dewalma mawi mawi penawa..mama ekata mokakda karanne😭😭 mata godak dukai..mama aththtma adare kare

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ  ළාබාල නව යොවුන් වියෙ තරුණියක් විය හැක . මෙවැනි අත්දැකීමක් ප්‍රථම වරට සිදුවීමෙන් දැඩි කලකිරීමක් ඇති වී තිබීම ස්වභාවිකය .  

ඔබ කළ කල යුත්තේ මෙම සිද්ධියට අවම වැදගත්කමක් දීම සහ මෙය අමතක කර දැමීමයි .ඒ සඳහා උදව් විය හැකි ක්‍රමයක් ඔබට අත් හදා බැලිය හැක . පළමුව ඔබගේ වයසට අනුව ඔබ ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමක් දැ යි සිතා බලන්න . ඔබ ප්‍රමුඛත්වය දිය යුත්තේ අධ්‍යාපනය ටය. එසේම මෙම සිදුවීම අමතක කිරීම සඳහා ඔබට වෙනත් ක්‍රියාමාර්ගයක් ගත යුතු ය .  

ඔබට මා දෙන උපදෙස නම් මේ ආකාරයේ සිත් රිදවීම් පවතින්නේ ඉතා කෙටි කාලයක් පමණක් බවයි . කාලයත් සමඟම ඔබට මෙය අමතක වී යනු ඇත. වෙනත් ප්‍රමුඛතා ජීවිතයට පැමිණෙනු ඇත . සමාජයේ බොහෝ අය අවුරුදු ගණන් එකට ජීවත් වී දරුවන් හදාවඩාගෙන වෙන් වෙන අවස්ථාද තිබේ . ඒ අනුව බලන කල මෙය ඉතා කුඩා සිද්ධියකි .  

හොඳම දෙය කාලයට ඉඩ දීමයි . මෙය අමතක කර ගැනීමට ඔබට වෙනත් යහළුවන් ඇසුරු කිරීම ඔවුන් සමග කතා කිරීම විනෝදාංශය හා අධ්‍යාපන කටයුතුවල යෙදීම වැනි ක්‍රියා අනුගමනය කළ හැක . හුදකලාවීමෙන් මේ ප්‍රශ්නය නිතර ඔබේ මතකයට නැගෙන නිසා කාර්ය බහුල වීමට උත්සාහ කරන්න . 

අධ්‍යාපනයෙන් ඉහළ තැනකට යාමට අධිෂ්ඨාන කරගෙන කටයුතු කරන්න . 

නොබෝ දිනකින්ම ඔබට ම මෙය වැදගත් කමකට නැති සිද්ධියක් ලෙස හැඟී යනු ඇත . ඔබේ වටිනා කාලය මෙවැනි දේ සිහිපත් කිරීමට යොදවන්න එපා . ඔබ හැර ගිය පෙම්වතාට වඩා ඉදිරියට යාමට අධිෂ්ඨාන කර ගැනීමෙන් ඔබට සාර්ථකත්වයක් ලැබේ .   අනිත් ගැහැණු ළමයා හා ඔබ සාකච්ඡා කරන්න එපා. එයින් මේ ප්‍රශ්නය තවත් වැඩිවනු ඇත .  

ජීවිතයට වැදගත් වන්නේ පුද්ගලයන් නොව අත්දැකීම් පමණි .  ඔබ ඔවුන් කෙරෙහි කෝප වීමෙන් හෝ ශෝක වීමෙන් වන්නේ  ඔබ තවත් දුකට පත් වීම පමණි .  ඔබ විවාහ වූ විට ඔහු හැර ගියා නම් ඔබට තවත් ප්‍රශ්න ඇති වන බව සිතා මෙය වාසනාවන්ත සිදුවීමක් ලෙස සළකා අමතක කර දමන්න . 

හැකි තරම් යහළුවන් සහ පවුලේ අය සමග මෙය අමතක වන තෙක් කාලය ගත කරන්න .

තවත් මාස දෙකකින් අප අමතා ඔබගේ අලුත් තත්ත්වය පවසන්න . එය බොහෝ විට වෙනස්  වනබව  විශ්වාස  කල  හැක .  ඔබටජය !!




මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 22 Sep 2019 Sun 11:37 PM