ප්‍රශ්න තොරතුරු

doctor  mage wayasa 27 years  wenne danata auruddaka  withra edala konde sudu wenna patan aran mama mekata wiwida thel warga use kala kala auredaye thel warga  ath awaga kisima result  akak ne  meka mata dan hisaradyak wage  mekata   wisadumak denna ko   ayuredaye hari hari wena prathikarayak hari kiyanna ko  mama konde kalu krannath kamath ne die waraga use karala  awagen  athuru  abada wadi nisa

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

බොහෝවිට මෙම වයසේ හිස විට මෙම වයසේ හිසකෙස් සුදුවීම ජානගත නිසා සිදුවීමට ඉඩ ඇත නමුත් වෙනත් හේතු නිසා ද හිසකෙස් සුදු වීමත් සිදුවිය හැක ඒ අතර විටමින් b ඌනතාව ඇති වීම , හා වෙනත් රෝග තත්ත්ව ද මේ සඳහා බලපායි .  ඔබගේ පරම්පරාවේ අයගේ ද මෙම වයසෙන්ම හිස කෙස් සුදු වීම ඇරඹුණි නම් බොහෝ විට මෙය ජානගතව සිදු වන්නක් විය හැක . 

හිසකෙස් වල ඇති මෙලනින් නම් වර්ණකය  වයස්ගතවීමත් සමඟ අඩුවීමෙන්  හිසකෙස් සුදු වීම ස්වභාවිකය . සමහර රෝග තත්ත්ව වලදී මෙම මෙලනින් වර්ණකය විනාශ වී යන නිසා හිසකෙස් ඉක්මනින්  සුදු වීමට ඉඩ ඇත . 


ඔබ මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන නිසා කළ යුත්තේ චර්ම රෝග චර්ම රෝග වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරවා ගැනීමයි එහිදි ඔබට යම්කිසි රෝග තත්ත්වයක් හෝ විටමින් ඌනතාවයක් තිබේ නම් එයට ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්වය මග හැරී යනු ඇත .  

ඒ නිසා ඔබ කල යුතු වන්නේ සමේ රෝග සම්බන්ධ වෛද්‍යවරයකු හමු වී වැඩිදුර ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමයි. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 23 Sep 2019 Mon 9:58 AM

අදහස්