katha karaddi wachana patalenawa gotha gahenawa ne... onima thanakta gihin katha karanna hithe bayak na.. eeth wachana patalena nisa katha karanna bayai.. mokadda karane mekta.. man A/l student kenek
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
මෙම තත්වය කොපමණ කලක සිට පැවතෙන්නක් ද යන්න දක්වා නැති නිසා නිශ්චිත පිළිතුරක් දිය නොහැක . නමුත් ඔබට මෙය කුඩා කල සිටම පැවතෙන දෙයක් නම් බොහෝ විට ස්නායු සම්බන්ධ හෝ පේශි සම්බන්ධ ප්‍රශ්නයක් විය හැක . එවැනි තත්ත්ව ජානගතව මෙන්ම උපතේදී පැමිණෙන සමහර ගැටලු නිසා සිදු වෙයි .
එසේත් නොමැතිව මෑතක පටන් ඔබට මෙසේ ගොත ගැසීමක් පවතී නම් එය අනිවාර්යයෙන් පරීක්ෂාකර ගත යුතු තත්ත්වයකි . විශේෂයෙන්ම කථන හා සම්බන්ධ ස්නායු සෛලවල හෝ පේශි සෛලවල යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ විට මෙවැනි රෝග ලක්ෂණ මතුවිය හැක . තවත් සමහර විට සමහර විට උගුරේ හෝ ස්වර තන්ත්ර වල පවතින ගැටලුවක් නිසා මෙසේ වීමට හැක . හදිසි අනතුරු වලින් ස්නායු පද්ධතියට හානි වීමෙන් ද මෙවැනි තත්ත්ව තත්ත්ව ඇති විය හැක
නමුත් උපතේ දී සිට පැමිණෙන්නේ නම් එය ගැන එතරම් වද විය යුතු නැත .
මෙම රෝග ලක්ෂණ වලට සමහර කථන පුහුණු තෙරපි ක්‍රම ඇති බැවින් එවැනි දේකට යොමු වීම සඳහා විශේෂඥ ස්නායු රෝග වෛද්‍ය වරයෙක් හමු වී පරීක්ෂා කරවා ගැනීම උචිත ය .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 23 Sep 2019 Mon 10:52 PM