doctor mage gf dipprashan kiyana rogi thathwaya thiyenwa mama me prashneya mita kalinuth ahuwa ath dan mata danganna ona aya danta beheth gannwa ayata ahema thibbath wishesha wenasak ne aya hodin ennwa ath mata danganna ona ahema thiyeddi beheth gaththama daru pala ahimi weda nathnum a ganna beheth walin daruwan labimata badawak weda thawath deyak danaganna ona doctor gf lingika hagim athiwima adu weida danatmath ahema deyak athiwi thiyenne puluwanda ama rogi thathwaya nisa plz doctor ans akak denna ko
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
ඔබට මා ලබා දුන් පෙර උපදෙස් අනුව බෙහෙත් භාවිතා කිරීම දිගටම කර ගෙන යාම ඉතා හොඳ දෙයකි . එයින් ඇය දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබෙන බව ඔබට පෙනේ .
දැන් ඔබ අසා ඇති ගැටලු වලට මෙසේ පිළිතුරු දිය හැක .
මෙම බෙහෙත් භාවිතා භාවිතා කිරීමෙන් යම්කිසි ආකාරයක ලිංගික ආශාව අඩු වීමක් සමහර විට විය හැක . එසේ නොවීමට ද ඉඩ ඇත . මෙය හරියටම කිව හැක්කේ ඇය ලබා ගන්නා ඖෂධ වට්ටෝරුව නිරීක්ෂණය කිරීමෙනි .
නමුත් මේ බෙහෙත් වලින් දරුඵල නැතිවීම කෙරෙහි සෘජු බලපෑමක් ඇති නොකරයි . මා දැක ඇති ආකාරයට මෙලෙස දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගන්නා බොහෝ කාන්තාවන් නිරෝගී දරුවන් බිහි කර ඇත . එම නිසා ඒ ගැන ඔබ බිය විය යුතු නැත . කෙසේ නමුත් දරුවන් බිහි කිරීමට පෙර මනෝ වෛද්‍යවරයා සහ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා දෙදෙනා සමඟම ඔබ සාකච්ඡා කළ යුතුය
ඔබ දෙදෙනාගේ ලිංගික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට බෙහෙත් නැවැත්විය යුතු නැත . එවැනි යම් නිරීක්ෂණයක් ඔබට ඇත්නම් එය ඇගේ මනෝ වෛද්‍යවරයා සමග පුද්ගලිකව සාකච්ඡා කරන්න . ඔහු විසින් එයට සිදු කළ යුතු ප්‍රතිකර්ම දන්වනු ඇත .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 24 Sep 2019 Tue 3:18 PM