ප්‍රශ්න තොරතුරු

මේ ලගදි ඉදන් මගෙ බෙල්ල කලු වෙනවා..අනේ මේකට විසදුමක් ඕනි

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 

සාමාන්‍යයෙන් මේ සඳහා පිළිතුරු දීමට ඔබේ වයස b.m.i. අගය වැනි තොරතුරු තිබේ නම් අපට වැදගත් ය . 

නමුත් ගෙල වට කලු වීමට බලපාන හේතු වූ තත්ත්ව කිහිපයක් තිබේ . 

1.Acanthosis nigricans 
වැනි තරබාරුකම  කම හෝ insulin ප්‍රතිරෝධය නිසා  ඇතිවන තත්ත්වයන් 

2. හෝමෝන වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයන් 

3. Lichen planus pigmentation ලෙස හැදින්වෙන තත්වය 

4. සමහර දිලීර ආසාදන නිසා ඇතිවන කලු වීම 

5. දැඩි සූර්ය රශ්මියට නිරාවරණය වෙමින් සහ කළු පැහැ වීම 

6. කලාතුරකින් ඇතිවන වෙනත් සමේ විශේෂ තත්ත්ව නිසා 

ඔබ  කල  යුත්තේ රුධිරය  FBS  ,FBC හා   lipid profile බලාගෙන ළඟම රෝහලේ චර්ම රෝග සයනයට හෝ   කායික රෝග  සායනයකට ඉක්මනින් යොමු වීමයි .  මෙය මෑතකදී  සිට   ඇති වු   තත්ත්වයක්  නිසා   ඉක්මනින් පරීක්ෂා  කර  ගැනීම   ඉතා   උචිතය . 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 Sep 2019 Tue 9:51 PM