< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

doctor, මාගේ උදරය ගැබිනියකගේ මෙන් ඉදිරියට නෙරා ඇවිත් තිබූනි. scan පරීක්ෂණයකින් පසු මා හට ෆ්‍යිබ්‍රෝයිඩ් ඇති බව තහවුරු උනි. ඉන්පසු ගිය මස මා හට මයෝමෙක්ටමී සැත්කමක් කර ගෙඩිය අරන් දැමූ පසුවද මාගේ උදරය සැත්කම කිරීමට පෙර ලෙසම තිබේ. සැත්කමෙන් පසු  scan කර බලා doctor මා හට පැවසුවේ මාගේ ගර්බාශේ හොඳින් ඇති බවයි. මෙයට මා කුමක් කල යුතුද?(සැත්කම කර අදට සති 3ක් පසු වී ඇත.) මා හා ස්වාමියා එකතු වන විට මා හට දැවිල්ලක්ද දැනේ. සැත්කම කිරීමට පෙරද  දැවිල්ලක් දැනුන අතර මෙය සාමාන්‍ය තත්ත්වයක්ද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබව පවසා ඇති තත්ත්වයන්   බොහෝ දුරට සාමාන්‍ය දේවල් වේ .  උදරයේ  සැත්කමෙන්  පසුව උදරය   ඉදිරියට නෙරා ඇති ලෙස පෙනීමට හේතුව වන්නේ ඔබගේ ඇති මේද පටකය ලිහිල් උදර පේශි වල එල්ලී පැවතීමයි  . එය සාමාන්‍ය තත්ත්වයකි . 

උදරය ඉදිරියට නෙරා එන්නේ උදර පේශි යම් ලිහිල් බවකට පත්වීම නිසාය .මේ තත්ත්වයට ඔබට මේ සඳහා භාවිතා කරන ඉන පටියක් පැළඳ යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත  ගත හැක .එමෙන්ම ක්‍රමානුකූල ව්‍යායාම මගින්ද උදරය ඉදිරියට නෙරා ඇති බව අඩුකර ගත හැක . නමුත් ඒ සඳහා මාස හයක්වත් ගත වන තෙක් සිටීම නුවණට හුරුය . 

ස්වාමියා සමඟ සමඟ එකතු වන විට ඇතිවන දැවිල්ල බොහෝ විට යෝනි මාර්ගය වීයළීම නිසා ඇතිවන තත්ත්වයකි . එය මේ සැත්කම හා සම්බන්ධයක් නැත. ඔබට එයින් මිදීමට  Kyl gel එකක් භාවිතා කර හැක . 

මේ අනුව බලන විට ඔබට කිසිදු බිය වීමට හේතුවක් නැති අතර ඉහත ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට දැනට ඇති ගැටලු වලින් මිදීමට හැකියාවක් ඇත . අවශ්‍ය නම් නැවතත් අප අමතා උදව් ලබා ගන්න 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Sep 2019 Wed 11:37 AM