ප්‍රශ්න තොරතුරු

doctor  mama ahuwa deta pilithuru labuna godak pin oba thumanlata  doctor  aththatama  mage gf kiyanawa depression   kiyana rogi thathwata beheth bila dan athiwela kiyanwa dan aurudu  6 k wage edan beheth bonawa mama meka gana kalinuth godak prashna  ahuwa awata pilithuruth labuna ath doctor  me beheth bona aka nathara karala  wena prathikara  kramayak nedda mama ahala thiyenwa  widyuth kampana  prathakara godak sarthakai kiyala ayata a wage deyakata yomu kaloth sarakathaka  weida aya hama masekakama clinik akata yanwa beheth masekata denwa dawsakata beheth  6 waragayak bonna ona   ath dan aya kiyanawa  ahena rogi thathwayak nathi tharam kiyala ath beheth dena aka nathara karanna kiyalath na doctor  mekata wena prathikarayak kramayak kiyanna ko ahema thiyenwa  num mona widiyatada yomu wenna ona doctor  pilithurak  laba denna ko

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබේ අගය කිරීම අප සතුටින් බාර ගන්නා ගමන් මේ උපදෙස ලබා දෙමි. 

ECT හෙවත් විද්‍යුත් කන්තුක ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන්නේ විශාදය ඉතාමත් අධික ලෙස පවතින රෝගීන්ට පමණි . සියදිවි නසා ගන්නා තරමට දරුණු වු රෝගීන්ට මෙම ප්‍රතිකාරය නිර්දේශ කරන අතර ඇය සුව වෙමින් පවතින කෙනෙක් නිසා මෙම ප්‍රතිකාරය කිසිසේත්ම අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි . ඇය හොදින් සිටින්නේ මේ ඖෂධ නිවැරදිව ලබා ගන්නා නිසා බව මතක තබා ගන්න . ECT ප්‍රතිකාර ක්‍රමය සියයට සියයක් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවේ . එහි අතුරු විපාක ද තිබෙන දෙයකි . 

මේ ගැන වඩා සාර්ථක පිළිතුරක් ලබා ගැනීමට ඇයට ඊට ප්‍රතිකාර කරන විශේෂඥ මනෝ වෛද්‍යවරයා ඔබ පුද්ගලිකව හමු වී සාකච්ඡා කරන්න . වෛද්‍යවරුන් නොවන වෙනත් අය කියන මත ඔබ පිලි ගන්න එපා .  විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කරයි නම් පමණක් ඇය මෙම ප්‍රතිකාරය ලබා ගත යුතුය . 

දැනට පෙනෙන පරිදි ඇය සුවය ලබන ක්‍රමය නවතා වෙනත් ක්‍රමයකට යොමු වීම සුදුසු නැති බව මගේ හැඟීමයි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Sep 2019 Wed 10:35 PM

අදහස්