ප්‍රශ්න තොරතුරු

හුගක් වෙලාවට මං කතා කරද්දි කියන්න හිතං ඉන්න දේ නෙවෙ කියවෙන්නෙ..පොඩි කාලෙනම් මෙහෙ තිබ්බෙ නැ..මං ඒ නිසා අනිත් අය එක්ක වැඩිය කතා කරන්නැ.අඩුම ගානෙ ගෙදර අය එක්කවත් කතා කරන්නැ

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 


මෙය ඔබගේ කථනය සහ සිතිවිලි  සමානුයෝජනය නොවීම නිසා සිදු වන්නකි . නමුත් මෙය බිය විය යුතු තත්ත්වයක් නොවේ . අවශ්‍ය වන්නේ නිවැරැදි ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමයි . එනම් ඔබ කතා කිරීමට පෙර ඔබ කියැවීමට යන දෙය විමසා බලා කතා කිරීමට පුරුදු වන්න . වචන පිට කිරීමට කලබල වන්න එපා . ක්‍රමානුකූලව  මානසික  ඒකාග්‍රතාවයකින් කථනය  හසුරුවා ගන්න . 

නමුත් ඔබ කතා කිරීමෙන් බැහැරව සිටිමෙන් සිදු වන්නේ මෙම තත්ත්වය තවත් වර්ධනය වීමයි . එම නිසා ඔබ එම තත්ත්වය  හිතාමතාම මග හරවාගත යුතුය.  ඒ සඳහා ඔබ සුදුසු කෙනෙක් කෙනෙකු සමඟ නිතර තමන්ට නැගෙන සිතුවිලි කතා කර බලන්න . ඒවායේ යම් වැරැද්දක් තිබේ දැයි ඔහුගෙන් හෝ ඇයගෙන් විමසා දැන ගෙන එය සකසා ගන්න .  මෙම ප්‍රතිකර්මය ද සාර්ථක නො වුණොත් ඔබට කථන පුහුණු  තෙරපි ක්‍රම දැන ගැනීම සඳහා මනෝ වෛද්‍යවරයකු හමුවන්න 



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Sep 2019 Thu 2:41 PM