ප්‍රශ්න තොරතුරු

මම ඉක්මනින් දෙයකට කලබල වෙනවා.උදාහරණයක් ලෙස මට කුමක් හෝ දෙයකට  තනියෙන් මුහුණ දෙන්නට සිදුවන විට අනෙක් අය බලන් ඉන්නා විට හිත කලබලයි. හිත බලෙන් සන්සුන් කළත් ඒ ඇති වු කලබල ස්වභාවයට ඇඟ ගැහෙනවා. එය දෑත් වලින් හොඳින් පෙනෙනවා.මම එසේ නොවන්න කුමක් ද කල යුත්තේ?

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙය මානසික සංාංකාව හෙවත් Genaralized Anxiety  නම් තත්වයක් විය හැක . මෙය අඩු වැඩි වශයෙන් බොහෝ පුද්ගලයන් තුළ තිබෙන තත්ත්වයකි . හිත කලබල වූ විට හෙට ඇතිවන ශරීර  ප්‍රතික්‍රියාවක් නිසා අත්  දෙක වෙව්ලීම tremors වැනි තත්වයන් ඇති වේ . මෙය ස්වභාවික සිද්ධියකි 

ඔබට මේ තත්ත්වය ඉතාම තදින් දැනී එදිනෙදා කටයුතු අපහසුතාවයට පත්වෙනවා නම් පමණක් ඖෂධ ලබා ගතහැක .නමුත්  දැනට එසේ  අවශ්‍ය නොවන බව පෙනේ . ඔබටමෙය මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාකාරකම් තිබේ . මේවා මනෝ  වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කිරීම   උචිතය .  දැන්ට   ඔබ   එය  පාලනයකර   ඇති  ආකාරය සතුටුදායක ය. මෙයට මුහුණදීමෙන් ම  මෙය  නැතිකර  ගත  හැක .  ඒ  සඳහා මනස  හැඩගසාගෙන  මුහුණ  දෙන්න .  ඔබව  වෙනස් කල හැක්කේ   ඔබට ම  පමණක් බව  සිහිපත්  කර  ගන්න . 

ඖෂධ ලබා ගත යුත්තේ මෙම ක්‍රියා සියල්ල ම අසාර්ථක වුවහොත් පමණකි එවිට නැවත අප අමතන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 27 Sep 2019 Fri 5:52 PM

අදහස්

circle

නිර්නාමික

02 Oct 2019 Wed 11:23 AM

thanx doctor