ප්‍රශ්න තොරතුරු

mama mage bf ekkka lingikawa idala tika dawasak yaddi mage yoni pradeshaya kasanawa...goddak kasanawa..mata bayai eka samaja rogayakda kiyala.plzreply me

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට නම් අනිවාර්යෙන්ම ඔබව පරීක්ෂා කිරීමක් කළ යුතුය . 

බොහෝ විට මෙය දිලීර ආසාදනයක් වීමට ඉඩ ඇති නමුත් එයින් සමාජ රෝග නැති බව නිශ්චිතව තහවුරු කළ නොහැක . 

හොඳම දේ ඔබ ළඟම රජයේ රෝහලේ ඇති නාරි වෛද්‍ය සායනයට හෝ පුද්ගලික වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරවා ගැනීමයි. 

 සමහර ආසාදන තත්ත්ව වලදී මෙන්ම ලිංගාශ්‍රිතව බෝවන රෝග වලදීද මෙවැනි කැසීමක් වැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ . ඒ නිශ්චිතව තහවුරු කළ හැක්කේ ඔබගේ ඇති වෙනත් රෝග ලක්ෂණ සහ පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණකි . සමහර විට ලේ පරීක්ෂණ වාර්තා අවශ්‍ය විය හැක . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 28 Sep 2019 Sat 11:35 AM