ප්‍රශ්න තොරතුරු

Mama marry karala auruddai masa 5 wenawa mata wayasa 24i mage wife ta wayasa 21 me kaledi apa athare godak prashna athi una therum nogenima nisa mage birida mawa therum ganne ne ee kiyanne eyata man gena kisi viswasayak ne , api marry kare masa 9 k ashre karalai gewal walin prashna awa nisa ikmata marry kara , mata mage paul jiwithe hadan issarahata yanna ona mata udau karanna

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පත් වී ඇති තත්ත්වය අපට තේරුම් ගත හැකිය. අඩු වයසින් විවාහ වීම නිසා අත්දැකීම් අඩු කමින් ඔබට මෙම තත්ත්වය තත්වය උදාවී ඇත . නමුත් දැන් ඔබ කළ යුත්තේ එකිනෙකා තේරුම් ගෙන ගැටලු හඳුනාගෙන සාකච්ඡා වෙන්නේ ඒවා විසඳාගෙන ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමයි . 

ඔබ දෙදෙනා අතර ඇති වූ ප්‍රශ්න මේ සඳහන් කර නැති නිසා නිශ්චිතවම පිළිතුරක් දිය නොහැකි නමුත් අවිශ්වාසය හා සැකය මත ගොඩනැගෙන ප්‍රශ්න අවබෝධයෙන් කතාකිරීමෙන් කිරීමෙන් විසඳාගත හැකි බව මතක තබා ගන්න . 

පවුල් ජීවිතයේ ආරම්භය ඔබට උදව් කිරීමට කිසිවකුත් නැත්නම් තනිවම  ධෛර්යයෙන් යුතුව ගෙන යාමට උත්සාහ කළ යුතුය . ආර්ථික ශක්තිය පවුලකට අවශ්‍ය බැවින් ඔබට සරිලන වැටුපක් ලැබෙන රැකියාවක යෙදීමට උත්සාහ කරන්න . මීට අමතරව නිවෙස් වල උදව් ලබා ගත හැකි නම් ඒ සඳහා උත්සාහ කරන්න . මේ කාලයේ ආර්ථික වශයෙන් දියුණු වීමට උත්සාහ කරන අතරම  දෙදෙනගේ ජීවිතේට අවශ්‍ය දේවල් සාකච්ඡා කර ඒවා  ලබා ගැනීම සඳහා එකමුතුව කටයුතු කරන්න . 

ඔබට පවුල් උපදේශන සේවාවක සහය අවශ්‍ය නම් ඒ සඳහා ඇති රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධානයක උදව් අවශ්‍ය නම් අප වෙත නැවත අමතන්න .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 Oct 2019 Thu 2:58 AM

අදහස්