ප්‍රශ්න තොරතුරු

mata paule aya wenaskam karanawa.. eyala mge studies walata adalawa salli denawa... eeth eyala eeta eha deyk krne na.. adare kirima studies gana hoyala baleema.. a wagema puluwan tharam math ekka amma napurukam karanawa.. mata daraganna mewa.. mata bayai mage studeis walata mewa iwahal wei kiyala... mata khmahri a/l pass wela job ekk krn oni.....eyalagen banum ahan thawa nm ina ba mata.. eyala mawa manasikawa wattanawa. mn mkdd krne.. mt 18i wayasa..

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පත් වී ඇති තත්වය අපට  ඉතාම හොඳින් වැටහේ . නමුත් මෙලෙස ඔබට නොසලකා හැරීමට හෝ නපුරුකම් කිරීමට හේතු වූ තත්ත්වය ඔබ දක්වා නැත . එම ප්‍රශ්නය නිශ්චිත ව අපට දැනගත හැකි නම් මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දිය හැක . 

සාමාන්‍යයෙන් මෙවැනි වයසකදී ඔබට විභාගය හා ජීවිතය සම්බන්ධ යම් ආතතියක් ඇති වීම ස්වභාවික ය . එවැනි අවස්ථාවලදී ඉතා සුළු දෙයක් වුව ද  මව ඔබට නපුරුකම් කරයි යනුවෙන් සදහන් කළ ඇතත් සැබෑවටම එය එසේ වන්නේ දැයි ඔබ කල්පනා කර බලන්න. ඔවුන් ඔබ ගේ අධ්‍යාපනයට වියදම් කරන නිසා ඔබගේ වගකීම වන්නේ  අධ්‍යාපන කටයුතුවල හොඳින් නියැලීමයි . ඔබට මෙන්ම මවටත් පවුලේ අනෙත් අයටත් විවිධ ගැටලු ප්‍රශ්න තිබෙනවා විය හැක .  ඔබ තරුණ අවධියේ සිටින නිසා බුද්ධිමත්ව සිතා බැලීමට වඩා හැකියාවක් තිබේ . එබැවින් ඔබේ මවගේ මානසිකත්වය තේරුම් ගෙන ඒවා ඉවසීමට උත්සාහ කරන්න .  ඔබ මානසිකව දුර්වල වුවොත් පමණක් ඔබව අනෙක් අයට පරාජය කළ හැකි වේ .  නමුත් ඔබේ උත්සාහය හැකියාව කිසිවෙකුටත් පරාජය කළ නොහැකි නිසා ප්‍රශ්න හමුවේ නොසැලී කෙසේ හෝ ඔබේ ඉලක්ක කරා ගමන් කරන්න . මේ වයසේ දී ඔබට කළ නොහැක්කක් නොමැත . මිනිසා ජයග්‍රහනය කරන්නේ මල් පඳුරු මතින් නොව කටු අකුල් තුලින් ගමන් කිරීමෙනි . මේ අසීරු කාලය ඔබ කෙසේ හෝ තරණය කළ හොත් ඔබේ ජයග්‍රහණය නියත වනු ඇත . එවිට ඔබට අපවාද නගන්නන් සියල්ලන්ම ඔබේ පසුපසින් එනු ඇත . එ බැවින් ඉවසීමෙන් හා සංයමයෙන් දුක සැප දෙකෙහි කම්පා නොවී ඉදිරියට ම ගමන් කරන්න .මේ සඳහා ඔබට ශක්තිය ඇති බව අප විශ්වාස කරමු .

ඔබ කළ යුත්තේ සුළු සුළු ප්‍රශ්න අමතක කර දමා විභාගයට හොඳින් සූදානම් වී සමත් වීමයි .  Exam එකෙන් පසුව මේ බොහෝ තත්වයන් මග හැරී යනු ඇත. එතෙක් අධිෂ්ඨානයෙන් සහ ධෛර්යයෙන් යුතුව අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න .  බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වන්නේ එකිනෙකා සමඟ වාද විවාද කර ගැනීමට යාමෙනි .එබැවින් හැකි තරම් ප්‍රශ්න හමුවේ නිහඬව කාලෙට විසඳීමට භාරදෙන්න . 

ඔබත් ඔබේ පවුලේ අය අතරත් ඇති මේ ගැටළුව නිවැරදිව අපට පවසන්නේ නම් මෙය වඩා විශ්ලේෂණය කොට පිළිතුරක් ලබාදිය හැකිය .ඔබට උදව් කිරීමට අප ඕනෑම වේලාවක සූදානම් .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Oct 2019 Sat 10:07 AM

අදහස්