ප්‍රශ්න තොරතුරු

mama colombo national hospital eke nurse knk.mn mage rakiyawa kamaththen newei karanne.mta night karanna kisima asawak na.mta me rakiyawata yana eka lokuu stress ekak.meken ain wena eka moda kmk weida?wenath rajaye rakiyawak hoyaganimata haki weida?

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 

ඔබ පත් වී ඇති අසීරුතාවය සහ අපහසුතාවය අපට වැටහේ . අප ද වෛද්‍යවරුන් බැවින් ඔබ කරන සේවය පිළිබඳ හොඳ අවබෝධයක් තිබේ . ඇත්ත වශයෙන් ම මෙය තරමක් දුෂ්කර රැකියාවකි . විශේෂයෙන්ම රාත්‍රී සේවා මුරයන් වල දී මේ තත්ත්වය ඉතා තදින් දැනෙයි . අනෙක් අතට ඔබ ජාතික රෝහලේ සේවය කරන බැවින් ඉතා කාර්ය බහුල සේවාමුරයක් ඔබට  නියැලීමට සිදු වෙන බව නොඅනුමානයි . ඔබ විවාහක නම් මේ තත්ත්වය තවත්  අසීරු වේ . නමුත් ඔබ අවිවාහක නම් ඔබට මේ තත්ත්වය තත්වයේ යම් තාක් දුරට පාලනය කර ගැනීමට හැකියාවක් තිබේ . 

ඔබ නගා ඇති ප්‍රශ්න ප්‍රශ්නයට දියහැකි දිය හැකි පිළිතුර වන්නේ මෙයට වඩා  වෙනස් රජයේ රැකියාවක යෙදීමට ඇති ඉඩ කඩ ඉතා අල්ප බවයි . අනෙක් අතට ඉතා දුෂ්කර පුහුනුවකින් අනතුරුව ඔබ ලබා ගෙන ඇති මෙම රැකියාව විශිෂ්ට ගණයේ එකකි . එය අතහැර දමා වෙනත් රැකියාවක් සොයා යෑම ඉතා අනුවණ කමකි . ලංකාව වැනි විරැකියාව වැඩි රටක ඔබේ වෘත්තියට ඉහල ඉල්ලුමක් ඇති අතර වෙනත් වෘත්තයක් සොයාගැනීම සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි .  

 රැකියාව කරන විට අපට විවිධ අසීරු සහ අපහසු අවස්ථාවන් වලට මුහුණ දීමට සිදුවේ . නමුත් කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීමෙන් සහ හොද  වෘත්තීය සගයන් හා එකතු වීමෙන් බොහෝ ගැටලු  විසඳා ගෙන ප්‍රිය මනාප ලෙස රැකියාවේ යෙදීමට හැකියාවක් තිබේ .  ඔබට රාත්‍රී සේවා මුර වල වැඩ කිරීම අපහසු නම් කළ හැකි දෙයක් තිබේ .  එ නම් අත්‍යවශ්‍ය නොවන සේවාවන් සපයන ප්‍රාථමික වෛද්‍ය  මධ්‍යස්ථානයක හෝ දිවා කාලයේ සේවාමුර ඇති වෛද්‍ය සේවයකට මාරු වීමෙන් මේ ගැටලුව විසඳා ගත හැක .  නමුත් එය කළ යුත්තේ ඔබේම වෘතීය සහයිකාවන් හා එකඟතාවයෙන් හා සහයෝගයෙනි . 

ඔබට හැකි නම් ඔබේ ක්ෂේත්රයේ වෙනත් පුහුණු පාඨමාලාවක් හැදෑරීමට හෝ විභාගයකට මුහුණ දීමෙන් වෙනත් අංශයක් තෝරා ගෙන වැඩි දුර හෙද අධ්‍යාපනය ලැබීමට හැකියාව තිබේ . එවිට වසර කීපයක් වත් ඔබට රාත්‍රී සේවා මුර වලින් තොර ව සිටීමට හැකි වනු ඇත . 

රජයේ වෙනත් කුමන රැකියාවක් කළත් එය ඉතා පහසු දෙයක් නම් නො වනු ඇත . සෑම තැනකම බාධක සහ අප්‍රිය ජනක දේවල් වලට රැකියාවේ දී මුහුණ පෑමට සිදු වනු ඇත .  එබැවින් ඉඟුරු දී මිරිස් ගත්තා වැනි තත්ත්වයකට පත් නොවීමට අවබෝධයෙන් කටයුතු කරන්න . 

ඔබට ඇති වී ඇති මානසික පීඩනය අවම කරගැනීමට ඔබේ  ඒකකයේ  සිටින ඉහළ හෙද  නිලධාරීන් සමඟ කතාබස් කොට සුදුසු වැඩපිළිවෙළක් සකසා   ගන්න .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Oct 2019 Sat 2:24 PM

අදහස්

circle
circle

නිර්නාමික

06 Oct 2019 Sun 7:23 PM

නිර්නාමික

07 Oct 2019 Mon 12:43 PM

thanku vry much.මගේ ගැටලුවට තරමක සහනයක් ලැබුනා.මෙතෙක් කල් සේම ඉවසා සිට පිලිතුරක් සොයමි.ඇතම් වෙලාවකදි ඇතිවන මානසික පීඩනය නිසාවෙන් මානසික රෝගයක් වැලදේද බියක් ඇති වේ. රැකියාව සිහි වන විටද එපා වීමක් ඇති වේ.ඉල්ලා සිටියද ඉහල නිලධාරීන් සහනයක් දේ යන්න 100% කිව නො