ප්‍රශ්න තොරතුරු

මම අවුරුදු 23 යුවතියකි.මගේ දුර්වලතාව නම් කිසිදු කාර්යයක් පටන් ගත්තද එය අවසන් වන තුරු කීරීමට නොහැකිය.කුමන හෝ හේතුවක් මත කාර්යය පටන් ගැනීමේදී තිබූ උත්සාහය පසුව නැතිවී එය අතරමඟ නතර කර දමයි.පුද්ගලික අංශයේ රැකියාවක් කර එයද දැන් වන විට අතහැර දමා ගෙදරට වී සිටියි.මේ තත්වය මඟ හරවා ගැනීමට උපදෙසක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි.

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් බොහෝ අය තුළ තිබේ. මීට හේතුව වන්නේ අප ආරම්භ කරන කාර්යය ප්‍රතිඵල සහ ඒ සඳහා ගත වන කාලය ආදිය නිසියාකාරව හඳුනා නොගැනීම . 

ඔබ යම් කාර්යයක් ආරම්භ කිරීමට ප්‍රථම එය නිමා කළ හැකි දැයි විශ්ලේෂණය කර බලන්න . එමෙන්ම ආශාව තිබූ පමණින් අපට සියළුම දේවල්  ආරම්භ කර  අවසන් කළ නොහැක.  ඊට හේතුව ආසාව ඇති සියලුම දේ සඳහා අප සමත්කම් නොදැක්වීමයි.  අප යමක් ආරම්භ කිරීමට පළමු ව සිතා බැලිය යුත්තේ එයින් අපට ලැබෙන අවසාන ප්‍රතිඵලය සහ එය කොතරම් වැදගත්ද යන්න ය . ඔබේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක් නම් ඔබ ඔබගේ අරමුණු ඒ සඳහා නිශ්චිත ව යොමු කළ යුතුය . ඒ සඳහා අවශ්‍යතාවයක් හා ආශාවක් දැඩි ව පවත්වා ගත යුතුය 

උදාහරණයක් ලෙස ඔබට මුදල් අවශ්‍ය නම් ඔබ රැකියාවක යෙදිය යුතු ය . නමුත් ඔබ ආසා කරන සියලුම රැකියාවන් ඔබට කිරීමට නොහැක . එහි දී ඔබ තීරණය කළ යුත්තේ ඔබට ගැළපෙන සහ ඔබට කළ හැකි රැකියාවක් තෝරා ගැනීමයි . ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ද මේ ආකාරයටම තමන්ට කළ හැකි සහ සුදුසු ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුය. එහිදී ඔබ උපයන මුදල පිළිබඳ අවබෝධයක් ලබා ගෙන ඒ සඳහා ධෛර්යවන්තව අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය. කිසිදු ඉලක්කයක් ලෙහෙසියෙන් හෝ පහසුවෙන් ජයගත නො ගත නොහැක .ඒ සඳහා විවිධ බාධක කම්කටොලු මැද ගමන් කළ යුතු බව මතක තබාගන්න 

ඔබේ උත්සාහය අතරමැදදී හීන වී යන බව ඔබ පවසා ඇත නොලැබෙන විට ය ම මෙසේ වන්නේ ඔබ කරනා දෙයින් ඔබට අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන විට ය . මෙය සාමාන්‍ය මිනිස් සිතේ ස්වභාවය යි . ඔබ කළ යුත්තේ එවැනි අවස්ථාවලදී මා කෙසේ හෝ මේ අරමුණ කරා යන බවට නිශ්චිත අධිෂ්ඨානයක් ඇති කර ගැනීමයි . විභාගයක් ජය ගැනීමට පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට හෝ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඔබ වැටි වැටී නැගිටිය යුතුම ය . 

මෙවැනි උදාසීන වන අවස්ථාවක ඔබ උපදෙස් හා සහාය ලබා ගැනීමට ඉතා විශ්වාසවන්ත හිතවතෙක් හෝ  මග පෙන්වන්නෙකු සමඟ කතාබහ කළ යුතුය . 

ඔබ අසාර්ථක වීමට යන බව දැනුණු විගස ඒ සම්බන්ධව ඒ හා සම්බන්ධ ප්‍රවීණයෙකු( Mentor )ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් ඔබට එම තත්වය මග හරවා ගත හැක . සැමවිටම ජීවිතයේ තනිවම ගමන් කළ නොහැකි නිසා අප උදව් ලබා ගැනීමට අවශ්‍ය තැන්වලදී උපදෙස් පැතිය යුතු ය .  ඔබගේ මෙවැනි අසාර්ථක වීම පිටුපස ඔබට නිසි මග පෙන්වන්නෙකු හෝ හිතවතෙකු නොමැති බව පෙනී යයි . එම නිසා ඒ කරුණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වී සුදුසු දෙයක් නැවත දැඩි අධිෂ්ඨානය යුතුව ආරම්භ කර බලන්න ඔබට ජය ලැබෙනවා නියතයි .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Oct 2019 Sat 9:12 PM

අදහස්