ප්‍රශ්න තොරතුරු

puluwannam udau karanna... man au 24 n wiwaha uye.eyata au 25i. man graduate kenek.eth eya o/l subjects serama fail kenek.A/L karata passe,man gewal laga thibuna petrol shed 1ke clerk post 1ta giya.eya ethana pomper kenek. ehema thamai ape adare patan gaththe. kawadahari dawasaka api 2nnage Education 1ka ape marriage life 1ta balapai kiuala matawath,ape parentslatath hithune na. eyalage gewal parisarayath hari na.nandala,mamala hamoma 1kama waththe inne.man hitha gaththa marry karala ehenam yanne na kiuala. ape dihanuth kiuwe ekko rent1ta hari geyak ganna,nathnam mehema inna kiuala.kohomahari ape Wedding 1 aran ilaga masenma man pregnant una.aththatama eka loku problem 1k wei kiuala api 2nnagen katawathma hithune na.mokada parentsla unama daranna siddawena wagakim samuhaya gana hari hati awabodayak api 2nnatama thibune na. prashna awe baba ipadunata passe. aiya eya thaththa kenek kiuala hithuwe na. man dawasama ada ada hitiye. mokakda me une kiuala. hari hati mata nindak na,kamak na,naganna/aga sodanna welawak nathi una.kotinma kiuwoth mata adatath pissu wage. gedara hamoma mata baninna patan gaththa. lamekwa bala ganna danne nathnam ai haduwe kiuala? aiya poddakwath mata udau kare na.eya job 1ta gihin awith hodata tv balala nida gannawa. anthimata gedara aya baninna patan gaththa, bandata passe gedara thiya gaththu 1ka thamai karapu modakama kiuala.... dan babata au 4i masa 5i.... adatath ape ammai,loku nangi baninawa man gedara innawata.dan mata meka puruddak wela.ada man government teacher kenek.ithin babawa balaganne mage amma.magema loku nangi ( au 27)ekata poddakwath kamathi na.amma eyage daruwo gana nemei hithanne kiuala,nitharama anum pada kiuanawa.gedarin yawanne kawadda ahanawa.ammata kelam kiua kiua baninawa.baba eyage dewal addoth,gahala baninawa.... mata hitha ganna ba,magema nangi ai ehema karanne kiuala... mata aiyalage diha yannath ba.ehe parisaraya hari nathi nisa. anika wenama rent 1ta yannath ba,aiya wada karanne shift krameta nisa. baba ekka thaniyama inna bayai.rata hadisiyewath karadarayak unoth kiuala.... mata marenna hithuna wara godai. please mata advice 1k denna

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබට ඇති වී ඇති මානසික ව්‍යාකූල භාවය අපට තේරුම් ගත හැක . ඔබේ ගැටලුව සියුම්ව විශ්ලේෂණය කිරීමේ දී දැකගත හැකි ප්‍රධාන කරුණු කීපයක් තිබේ 

 ඔබ දෙපළ දරුවා සමග සමඟ මව සහ සොහොයුරිය ගේ නිවසේ වාසය කිරීම ප්‍රධාන ගැටලුවයි . ඇත්ත වශයෙන් ම පවුල් දෙකක් එකට වාසය කිරීමේදී මේ ආකාරයේ ප්‍රශ්න ඇතිවීම සුලබ ය . අනෙක් අතට ඔබේ පවුලේ හා දරුවාගේ වැඩ කටයුතු කිරීම අන් අයට ප්‍රශ්නයක් විය හැක . 

ඔබේ දරුවා අවුරුදු හතරක් ඔවුන් බලා ගත් ගත් දෙයට කෘතඥ විය ඔබ දෙදෙනා වෙනවා නිවසක පදිංචියට යන්න .  ඔබත් ඔහුත්  දෙදෙනාම රැකියාවක් කරන නිසා හැකිනම් හැකි නම් නිවසක් සෑදීමට යොමුවන්න . එතෙක් කුලියට නිවසක පදිංචි වීම සුදුසු ය . 

රාත්‍රී කාලයේ නිවසේ දරුවා සමඟ තනිව සිටීමට බිය විය යුතු නැත . ඕනෑ තරම් පවුල්වල බිරිඳ හා දරුවන් තනියම රාත්‍රී නිවෙස් වල ගත කරනවා ඇත . ඔබ සතියක් දෙකක් සිටීමෙන් මේ තත්ත්වයට පුරුදු වෙයි . ආරක්ෂාව ගැන වද විය යුතු නැත . අසල්වාසීන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇත්නම් ඔවුන් ද ආරක්ෂාවට උදව් කරනු ඇත 

ඔබ මෙසේ වෙනම නිවසක පදිංචි වූ විට පවුලේ අයද ඔබ සමග ඉතා හොඳ සම්බන්ධයක් ඉදිරියේදී පවත්වනු ඇත අවශ්‍ය විටෙක ඔවුන්ගේ උපකාර ද ඔබට ලබාගත හැකි වනු ඇත . දරුවාගේ අනාගතය ගැන සිතන විට ඔබ සැමියාගේ නිවසේ පදිංචියට යාම නුවණට හුරු නොවේ . 

සැමියාගේ අධ්‍යාපන තත්වය ගැන දැන් වද විය යුතු නැත . ඔහු ගේ ඔබ සඳහන් කර ඇති තොරතුරු වලට අනුව විශාල වරදක් නොමැති බව පෙනේ . අඩුපාඩුකම් සෑම අයකු තුළ ම තිබෙන නිසා ඒවා කතාබහ කොට සුහද ශීලීව විසඳාගත යුතුය . 

ඉතා සුළු ප්‍රශ්න කෙරෙහි ඕනාවට වඩා කල්පනා කිරීමට හෝ කලබල වීමට වීමට යන්න එපා . ඉවසිලිවන්තකම සහ ධෛර්යය උගත් කෙනෙකු ලෙස ඔබ තුළ තවත් තවත් වර්ධනය කරගන්න .  මෙවැනි ප්‍රශ්න සාමාන්‍ය පවුල් තුළ ඉතා සුලභව දකින්නට හැකි නිසා ඔබට පොදු වූවක් ලෙස නොසිතන්න .  

හැකි තරම් ඔබේ පවුලේ වැඩකටයුතු තනිවම කර ගැනීමට උත්සාහ කරන්න. 

ඒ සඳහා ශක්තිය සහ ධෛර්යය ඔබට ඇති බව විශ්වාස කරමි . හැකිතරම් සැමියා සමග සුහදශීලීව සාකච්ඡා කොට ඔහුගේ උදව් ද පවුලේ කටයුතු සඳහා ක්‍රමානුකූලව ලබා ගන්න .

 නැවතත් මාස කිහිපයකින් පසු අප අමතා ඔබගේ ප්‍රගතිය පිළිබඳ අප දැනුවත් කරන්න. ඔබට උදවු වීමට අප ඕනෑම වෙලාවක සූදානම් .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Oct 2019 Sat 10:23 PM

අදහස්

circle

නිර්නාමික

11 Oct 2019 Fri 7:06 PM

boho sthuthi mage prashneta wisadumak dakwa thibima. aththenma wenama gekata yamata mage parentsla issara apiwa unandu kara.e apata thibuna shop 1katai. eya stairs 2kin yuthu kada kamarayak. ehi yata communication 1k damma. uda hitiye. e hitapu masa 3ma m