< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

Doctor mata awrudu 44I menses hadila nathara wennane mata.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.


මෙය ඉක්මනින් පරීක්ෂාකර ගත යුතු තත්ත්වයක් බවට විශ්වාස කරමි. ඔබේ වයසත් සමග මෙයාකාරයට රුධිරය වහනය වීම ගර්භාෂය යම් ප්‍රශ්නයක් නිසා හෝ හෝමෝන වල ගැටලුවක් නිසා සිදුවන්නක් විය හැක . සමහරවිට fibroid ගෙඩි  වැනි තත්වයන් වල දී මෙලෙස අධික ලෙස රුධිරය වහනය වේ . 

දැනට රුධිරය වහනය වීම නතර කර ගැනීමට Mefenimic acid වැනි ඖෂධයක් ලබා ගත හැකි වුවත් ඔබ කළ යුත්තේ නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු හමුවී මේ තත්ත්වය පරික්ෂා කරවා ගැනීමයි . ඔහු ගේ උපදෙස් වලට අනුව ඇති වී තිබෙන තත්ත්වයට ප්‍රතිකාර ගැනීම උචිත බව සඳහන් කරමි . 

මෙවැනි තත්ත්වයන් වලට ඉතා පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බව ද මතක තබා ගන්න .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Oct 2019 Sun 6:55 AM