ප්‍රශ්න තොරතුරු

man marry karala aurudu 4k wenawa. thama apita babala na.. husband kamathi na doctor kenek meet wenna. man mokada karanne..

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබ දෙපල දරුවෙකු බලාපොරොත්තු වේ නම් අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී වෛද්‍යවරයකු හමුවීම කළ යුතුමය .  

වෛද්‍යවරයෙකු හමුවීමට යාම ඔහු ප්‍රතික්ෂේප කරන්නේ ඇයි දැයි යන්න ඔහු ගෙන් කාරුණිකව අසා දැන ගන්න.  .  ඔහුට අවශ්‍ය කරුණු පහදා දී එහි වැදගත්කම කියා දී වෛද්‍යවරයකු සමග කතා කිරීමට යොමු කරන්න . 

එයින්ද ඔබට ප්‍රතිඵලයක් ලබාගත නොහැකි නම් ප්‍රථමයෙන් ඔබ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කර ගන්න .  ඔහුට ඔබට ඇති මෙම ගැටලුව ද පවසා ඊට අදාළ කර ගත හැකි වෙනත් විසඳුමක් සාකච්ඡා කර ගන්න .  ඇත්ත වශයෙන්ම විවාහක දෙපළ ම මෙවැනි අවස්ථාවක පරීක්ෂාවට ලක් විය යුතුය . 

එවිට යම් නිවැරදි කළ යුතු තත්වයක් තිබේ නම් නිවැරදි කිරීමට වෛද්‍යවරයාට පහසු ය . ඔහුට නිවැරැදි මාර්ගෝපදේශනයක් තිබේ නම් ඔහු මේ සඳහා යොමු කිරීම ඉතා පහසුය . මේ සඳහා ඔහුගේ මිත්‍රයෙකුගේ හෝ ඔහුගේ පවුලේ වැඩිහිටියකුගේ හෝ සහාය ලබාගත ලබා ගත හැකි දැයි බලන්න . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Oct 2019 Sun 7:08 PM

අදහස්