ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් මම ලූප් එකක් දා දැන් අවුරුදු 6ක් වෙනවා ...මොනාද ඩොක්ටර් ඒකෙ තියෙන අතුරු ආබාධ

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සාමාන්‍යයෙන් මෙය  අවුරුදු 10ක් පමණ පැළඳිය හැකි එකක් විය යුතු ය . දැනට ඔබට අතුරු ආබාධ ඇති වී නැත්නම් මේ ගැන වද විය යුතු නැත .සාමාන්‍ය පහත දැක්වෙන අතුරු ආබාධ මෙවැනි ලූප් එකක් පැළඳීමෙන් ඇතිවිය හැක .

වමනය, ඔක්කාරය ,යටි බඩේ වේදනාව ඔසප්වීමේ වීමේ වෙනස්කම් ,කුරුලෑ ආදිය ඇති වීම, පියයුරුවල වේදනාව , යෝනි මාර්ගයේ මාර්ගයේ කැසීම වැනි තත්ව , සමහර විට බර වැඩිවීම , ලිංගික ආශාව අඩු වීම , කලාතුරකි ඇතිවන වන විශාදය හෝ මෙම නැවත ඉවත් කිරීමට යාමේ දී නිශ්චිත ස්ථානයේ නොපිහිටා ගර්භාෂ බිත්තිය තුළට ගොස් තිබීම . මෙවැනි විටදී ඉතා සුළු ශල්‍යකර්මයකින් මෙය ඉවත් කිරීමට සිදු වේ .  

ඉහත අතුරු ආබාධ ඉතාම සුළු වශයෙන් ඇතිවන්නක් නිසා ඔබ කලබල විය යුතු නැත 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Oct 2019 Sun 7:13 PM