< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මගේ  නෝනාගේ   ගැටලුව  ඇයට ඔසප්  වීම හැම  මාසෙම  සිදු වුවද එය බොහොම  ශේෂක්  පමණ  පිටවන්නේ  දැනට  ඇයට  බඩ කැක්කුම්  හා වෙහෙස  බොම  වැඩියෙන්  දැනෙනවා  තවද  ඇය   සාමාන්‍ය මහතයි   බඩේ   කැක්කුම්  තමා වැඩි   මෙයට  කෙසේ  සුව කරන්නේ ද  ගැටලුව  විසදා  දෙන්න    පෙර  ඇසු ගැටලුවට  පිලිතුරැ   දුන්නාට   ස්තුති 

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ බිරිඳගේ වයස සඳහන් කර තිබුණේ නම් පිළිතුර ඉතාම සාර්ථකව ඉදිරිපත් කළ හැක .

ඔසප් වීම අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් මාස්පතා සිදු වන්නේ නම් එය බිය විය යුතු නැත . නමුත් යටි බඩෙහි වේදනාවක් තිබේ නම් එය මුත්‍රා ආසාදනයක් ද නැතහොත් ගර්භාෂ සම්බන්ධ ගැටලුවක් ද නැති නම් වෙනත් ප්‍රශ්නයක් දැයි කියා හඳුනාගත යුතුය . 

වෙහෙස දැනීම ද මේ හා සම්බන්ධ ගැටලුවක් හෝ වෙනත් ශාරීරික ගැටලුවක් නිසා සිදුවන්නක් විය හැක . ඇත්ත වශයෙන්ම මේ තත් ම මේ තත්වය පරික්ෂා කරගත යුතුය . ඔබට හැකිනම් ළඟම රජයේ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ඉන්පසුව නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු හමු වීමෙන් පරික්ෂා කරවා ගන්න . 

පෙනෙන ආකාරයට නම් නිය මෙය බිය විය යුතු ගැටලුවක් නොවේ . ඔබට අවශ්‍ය කරන්නේ මූලික රුධිර පරික්ෂා පරීක්ෂා සහ මුත්‍රා පරීක්ෂණයකි.  

පෙර ඔබට ලබා දුන් පිළිතුරු වලින් ඔබ සෑහීමට පත්වී නම් එය අපට සතුටකි .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Oct 2019 Sun 9:22 PM