ප්‍රශ්න තොරතුරු

mage wayasa avurudu 32. usata sarilana mahathak mata ne.usa 5' 6"k. bara adui. mage wayasata gelapena pramanaye piyayuruwath mata ne. plz dr mata tikak mahath wenna puluwan beheth ekakwath tiyanavanam kiyanna. mata wada adu wayase ayage agawal ekka mama hema welema duk wenava. eka mata manasika wadayak. rekiyawata yana nisa sari adinna oona. sari jacket walata mama lassana ne aga nethi nisa. mama kanna puluwan kema jathith kanawa. a atharata behethak tiyanavanm kiyala denna.plz dr.

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ මෙහි බර සඳහන් කර නැති වීම විශාල අඩුවකි . නමුත් උසට සරිලන බරක් නොමැති නම් ශරීරය වර්ධනය කර ගැනීමට කර ගැනීමට ආහාර මගින් හැකියාව ඇත. වැඩිපුර ප්‍රෝටීන් හා කාබෝහයිඩ්‍රේට් ආහාර ලබා ගැනීමෙන් ශරීරය පෘෂ්ටිමත් කර ගත හැක . නමුත් ඒ අතර ට විවිධ ශරීර වර්ධක ඖෂධ ලබා ගැනීමට ගියහොත් ඔබට දැඩි හානියක් සිදුවිය හැක . 

මෙම ඖෂධ බොහෝමයක් නිසි පාලනයකින් ප්‍රමිතියකින් යුක්ත ඒවා නොවේ . ඒවායේ බොහෝ අතුරු ආබාධ තිබේ . එබැවින් එවැනි ඖෂධ වලින් හැකි තරම් ඈත් වීම නුවණට හුරුය . 

ඔබේ පියයුරු වර්ධනය නොවීම ශරීර වර්ධනය අඩුවීම සමග ඇති වූ ගැටලුවකි. නමුත් කාලයත් සමග ඒ සඳහා ඔබට උත්සාහයක් කළ හැක . මහත් වීම ලෙහෙසි වුවත් කෙට්ටු වීම ඉතා අපහසු කාර්යයකි . මේ බව ඔබ නිරන්තරයෙන් සිහි තබා ගන්න . ආහාර මගින් පමණක් එසේ ශරීර වර්ධනයක් ලබා ගත හැකි නිසා වෙනත් ක්‍රමවලට යොමු විය යුතු නැත . 

අන් අයගේ අඟපසඟ සමග තමාගේ ශරීරය සැසඳීම යාම අනුවන කමකි . එක් එක් අයට පිහිටන්නේ තමන්ට ආවේණික වූ ශරීර ස්වභාවය කි . අප ඒ ගැන ආඩම්බර විය යුතුවා සේ ම සතුටු විය යුතු ය . පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ හැඩැති සිරුර කට වඩා නිරෝගී සිරුරකි . එනයින් බලන කළ ඔබට නිරෝගී සිරුරක් ඇත්නම් ඔබ සතුටු විය යුතුය . 

නමුත් මේ ඔබට තිබෙන තත්වය මඟහරවා ගැනීමට ආහාර ලබා ගත යුතු ආකාරය සකස් කිරීමට පෝෂණවේදී වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කිරීමට නිර්දේශ කරමි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Oct 2019 Mon 6:23 AM

අදහස්