ප්‍රශ්න තොරතුරු

මගෙ වයිෆ්ට ලිංගික ආශාව අඩුයි.එයට හේතුව මොකද්ද ඩොක්ටර්.ලිංගික ක්‍රියාවලියේදි එයා මැලිකමක් දක්වන බව හැගෙනව

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙම තත්ත්වය Libido ලෙස අප හඳුන්වයි . මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ කාන්තාවන්ගේ සිරුරේ ඇතිවන හෝමෝන  සහ ස්නායුමය ක්‍රියාකාරීිත්වයේ ඇති වන ඌනතාවයක් නිසා ය . 

මෙසේ වීමට බලපාන විවිධ හේතු තිබේ. 

1.ඇගේ  මානසික තත්ත්වය හා පුරුෂයා ගෙන් එයට  එම ක්‍රියාව පවත්වාගෙන යාමට ලැබෙන උත්තේජනය වෙනස් වීම 

2. දැඩි ආතතිය සහ ශරීරයේ පවතින විවිධ රෝග තත්ත්වයන් නිසා 

3.සමහර විට කාන්තාවන්ගේ ඇතිවන මානසික අනවබෝධය සහ ලිංගික දැනුම අඩු කම නිසා 

4.භාවිතා කරන වෙනත් ඖෂධ වලින් ඇති වන අතුරු ආබාධ නිසා 

5.ස්වභාවිකව ඇතිවන ස්නායු දුර්වලතාව හෝ සිරුරේ ඇතිවන හෝමෝනමය වෙනස්කම් නිසා 

6.භාවිතා කරන සමහර උපත් පාලන ක්‍රම වල ඇති අතුරු ආබාධ නිසා 

7.කලාතුරකින් පැවතගෙන එන ජානගත රෝග නිසා 


ඔබේ බිරිඳට ඇත්තේ මේ කුමන තත්ත්වයක් දැයි යන්න දැනගැනී ගැනීම සඳහා ඇය වෛද්‍ය පරීක්ෂාවක් සහ කායික පරීක්ෂාවකට ලක්විය යුතුය . එමෙන්ම මනෝ වෛද්‍ය විද්‍යාත්මක කරුණු සාකච්ඡා කළ යුතුය . මේ සදහා ඔබට පළමුවෙන් ම කළ හැක්කේ ඇයව සුදුසු නාරි හා ප්‍රසව වෛද්‍ය වරයකුට පෙන්වීමයි  . ඉන් අනතුරුව ඇයව සුදුසු මනෝ උපදේශනයක් සඳහා මනෝ වෛද්‍යවරයෙකුට යොමු කිරීම ද කළ හැක . මෙවැනි ගැටළු සමාජයේ විරල නොවන අතර මේවට සාර්ථකව ප්‍රතිකාර කළ හැක . ඇගේ ආශාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඖෂධ පවා නිර්දේශ කළ හැක . 

නමුත් ඒ සියල්ලටම ප්‍රථම ඔබ  දෙදෙනා අතර පවතින අවබෝධය  සහ ආදරය මේ සඳහා ඉතා වැදගත් වන බව මතක තබා ගන්න . ප්‍රථමයෙන් දෙදෙනාම මේ ගැන විවෘතව සාකච්ඡා කළ යුතුය .

එහිදී ඇයට මෙසේ ආශාව අඩු වීමට ඇති යම් හේතුවක් වේ නම් ඔබට එය දැනගත හැකි වනු ඇත . ඉන් අනතුරුව එය මගහරවා ගැනීමට දෙදෙනාට ගත හැකි ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කළ හැකි වනු ඇත . එවැනි තත්ත්වයකදී ඔබට තත්ත්වයකදී ඔබට මෙය  විසඳාගත නොහැකි නම් පමණක් ඉහත ආකාරයට වෛද්‍යවරුන්ගේ උපදෙස් සඳහා යොමු විය හැක 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Oct 2019 Mon 2:40 PM