ප්‍රශ්න තොරතුරු

HPV වයිරසය ශරීර ගත වූ හැමකෙනෙකුටම පිලිකා හැදෙනවාද , එම වයිරසය ස්වභාවිකව ශරීරයෙන් ඉවත්කල හැකිද

   

හිතවත් පරිශීලක,


ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

Human Papilloma Virus හෙවත් HPV ලෙස හඳුන්වන්නේ බොහෝ විට ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි වූ වෛරස කාරකයකි . 

මෙමගින් බොහෝ විට ගැබ් ගෙල පිළිකා සඳහා දැඩි බලපෑමක් ඇති කරයි මෙහි ප්‍රභේද (100 ක් පමණ )කීපයක්ම ඇත .එයින් පිළිකා ඇති වීමට බලපාන්නේ කීපයක් (14 ක්) පමණි. එම නිසා මෙම වෛරසය ආසාදනය වූ සැමටම පිළිකා ඇතිවීමේ අවධානමක් නැත .  

සාමාන්‍යයෙන් මෙම වෛරසය සිරුර තුළ දීම  විනාශ කිරීමට සිරුරෙහි ප්‍රතිශක්තිකරණය ඉවහල් වෙයි. නමුත් සමහර අයට එය ප්‍රමාණවත් නොවන විටදී රෝගය වැළඳෙයි . 

වර්තමානයේ මෙම වෛරසයෙන් ඇතිවන රෝග තත්ත්වයන් වැළැක්වීම සඳහා එන්නතක් ලබාදීම සිදුකෙරේ .නමුත් එය ලබාගත යුත්තේ තරුණ වයසේදී එනම් අවුරුදු 25ට පෙර . 

ස්වභාවිකව ශරීරය මෙය ඉවත් කරනවාට වඩා වන්නේ ශරීරය විසින් එම වෛරසයට එරෙහිව ප්‍රතිරෝධයක් නිර්මාණය කර ගැනීමයි එය ස්වභාවික ප්‍රතිශක්තිකරණය නම් හැඳින්වෙයි . 

මෙම රෝගය වැළඳුණ ද මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත එවැනි සැක සහිත තත්ත්වයක් තිබේනම් කල යුත්තේ වෛරස් රෝග සම්බන්ධ විශේෂඥ  වෛද්‍යවරුන්ගේ සහය පැතීමයි . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Oct 2019 Mon 6:37 PM