ප්‍රශ්න තොරතුරු

මගේ ඔලුවෙ පොඩි බිබිලි වගෙ ඇවිල්ල එවා දද වගෙ වෙනා මම අතින් කඩ්න්ව ඒව හොද වෙන්නෙ නෑ මම ගොඩක් ඩොක්ටර්ලගෙන් (specoalost)ලගෙන් බෙහෙත් අරන් තියෙනව ඒත් හොද නෑ මේකට මොකක්ද කරන්නෙ

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබට හැකි නම් ඡායාරූපයක් එවන්න විශේෂඥ වෛද්‍යවරුන් ඔබට පැවසූ රෝග තත්ත්වය කුමක්දැයි දන්වා තිබේ නම් පහසු ය . කෙසේ නමුත් මා අනුමාන කරන ආකාරයට මෙය යම් ප්‍රතිරෝධී රෝගී තත්වයක් විය හැක . psoriasis වැනි තත්ත්වවලදී සුව වීමට ඉතා වැඩි කාලයක් ගනී . 

ඔබ කළ යුත්තේ නැවත රජයේ රෝහලක හෝ පුද්ගලික රෝහලක  චර්ම රෝග සායනයක විශේෂඥ වෛද්‍ය වරයකු හමුවී මෙය කුමන රෝගී තත්ත්වයක් දැ යි නිවැරදිව අසා දැන ගෙන ඒ සඳහා සුදුසු දීර්ඝකාලීන ප්‍රතිකාරයක් ආරම්භ කිරීමයි . 

හිසෙහි ඇති වන බොහෝ විට දිලීර ආසාදන වැනි රෝගී තත්ත්වයන් වලට වර්තමානයේ ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත එම නිසා අද අධෛර්යට පත් නොවී නැවත උත්සාහ කරන්න . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Oct 2019 Mon 10:47 PM

අදහස්